Colombo Today Local News

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට දෙනවාද? නැද්ද? | වරාය පොදු සේවක සංගමය පැහැදිලි කිරීමක් ඉල්ලයි

කොළඹ වාරයේ නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම සම්බන්ධ ජනමාධ්‍ය වාර්තාවල සත්‍ය අසත්‍යතාව පිළිබඳව කඩිනමින් රටට පැහැදිලි කරන ලෙස සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලීමක් කරයි.

වෘත්තීය සමිති හා අගමැතිවරයා අතර ඇතිකරගත් එකඟතා බිඳ දමා නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීමේ සූදානම හේතුවෙන් ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පැවැත්මට මෙන්ම එහි දසදහසකට පමණ සේවකයන්ගේ රැකියා සුරක්ෂිත භාවයටද බලපෑම් එල්ලවී ඇතැයි සමස්ත ලංකා වරාය පොදු සේවක සමිතියේ නියෝජ්‍ය ප‍්‍රධාන ලේකම් ජී. නිරෝෂන් ජනාධිපතිවරයාට දැනුම්දී තිබේ.

එම ලිපියේ මෙසේද සඳහන්වේ.”එම මාධ්‍ය වාර්තා ශ්‍රී ලංකා රජය ප‍්‍රතික්ෂේප කර නැත. ඔබතුමාගේ රජය නැගෙනහිර පර්යන්තය රහසිගතව ඉන්දියාවට පැවරීම සඳහා 2020 ජූනි මස 09 වැනි දින විෂය භාර ඇමැතිවරයා මගින් කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබිණි. එම කැබිනට් පත්‍රිකාව පිටතට පැමිණීමත්, වෘත්තීය සමිති දැඩි විරෝධයත් හමුවේ එය අසත්‍ය බව ප‍්‍රකාශ කරමින් නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීමේ වැඩපිළිවෙළ තාවකාලිකව යටපත් කරගනු ලැබිණි.

කොරෝනා නීතිවලට අනුව මහජන ඒකරාශිවීම් තහනම්ය. සේවකයන් සේවයට කැඳවනු ලබන්නේ අත්‍යවශ්‍ය සේවා සඳහා පමණි. මෙවැනි පසුබිමක නැගෙනහිර පර්යන්තය ඉන්දියාව වෙත පැවරීම ඔබ රජයේ උපායමාර්ගය බව අප විශ්වාස කරමු. නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට පැවරීම සම්බන්ධව පසුගිය පළමුවැනිදා පළවූ මාධ්‍ය වාර්තා අසත්‍ය නම් ඒවා වහ වහා නිවැරදි කිරීමේ වගකීම ඔබ රජය සතු කාර්යයකි. එසේම නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට හෝ වෙනත් කිසිදු රටකට, සමාගමකට නොපවරන බවට වූ සහතිකය රටට ලබා දීමේ වගකීම පැවරී ඇත්තේ ඔබතුමාට බව අප විශ්වාස කරමු.”

Related posts

නවසීලන්ත අගමැති එයි

colombotoday

තත්පුලන මනෝගනේශන් ගේ කතාවට ප්‍රකෝප නොවෙන්නැයි මහජන ආරක්ෂක ඇමති ජනතාවගෙන් ඉල්ලයි

Admin

රූපලාවණ්‍ය ශිල්පිනියකගේ නිරුවත අන්තර්ජාලයට එක්කළ තරුණියට වැඩ වරදී

colombotoday

ලංකාවේ සුපිරිම ධනවතා මෙරටට ගෙනා ලොව සුපිරිම මෝටර් රථය මෙන්න

colombotoday

ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන ගැන සේවකයින්ට දැනුම්දීමක්

Admin

ETCA ගිවිසුමනම් ගහනවාමයි.. හනුමලාට වන්නම් නටන්න ඉඩ දෙනවා.. රට ගිනිතියන්න දෙන්නෑ

colombotoday