Covid 19

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර සම්පූර්ණයෙන් පාලනය කර අවසන්

කොවිඩ් දෙවන රැල්ලේ මිනුවන්ගොඩ පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

මිනුවන්ගොඩින් ආරම්භ වූ කොවිඩ් පොකුරේ ආසාදිතයින් 3106 දෙනෙක් හඳුනාගැනිනි. ඉන් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 136 දෙනෙකු පමණක් බවත් යුද හමුදාපතිවරයා පැවසීය.

“ඔක්තෝබර් 4 වැනිදා ආරම්භ වූ කොවිඩ් දෙවන රැල්ල මිනුවන්ගොඩින් පටන් ගත්තාම ඒක 3106කින් සීමා කරන්නට අපිට හැකියාව ලැබුණා. මිනුවන්ගොඩ කොවිඩ් පොකුර මේ වනවිට සම්පූර්ණයෙන් පාලනය කර ගැනීමට හැකියාව ලැබිලා තියෙනවා. දැන් ගම්පහ ප්‍රදේශයෙන් යම්කිසි ආසාදිතයෙකු හමුවන්නෙත් මේ දෙවැනි රැල්ලෙත් දෙවැනි කොටසක් ලෙස තමයි. නැත්නම් පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට සම්බන්ධ වුණාට මිනුවන්ගොඩ පොකුරේ මිනුවන්ගොඩින් ආරම්භ වෙච්ච ස්ථානය සම්පූර්ණයෙන් අපි පාලනය කර තිබෙනවා. මේ 3106න් අදට රෝහල්වල ඉන්නෙ 136 දෙනෙකු පමණයි. ඉතුරු සියලු දෙනා සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. මිනුවන්ගොඩ හඳුනගන්නකොට පළවෙනි දවසෙම දාහකට අධික සංඛ්‍යාවකට ආසාදනය වෙලා ඉවරයි. ඒ කියන්නේ දෙදහසකට විතර ආසාදනය වෙලා තිබ්බා. ඒක 3106කින් නතර කර ගැනීමට අපිට හැකිවුණා. දෙවැනි රැල්ලේ දෙවැනි පොකුරක් ලෙස වාර්තා වූ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිත රෝගීන්ව නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙනයාම පිළිබඳව ඔවුන්ට තිබුණු ප්‍රායෝගික අපහසුතා ගැන දැනුම්දීලා තිබුණා. මේ ගැන සළකා බලා තමයි නිවෙස් නිරෝධායනයට යොමු කරන්න කටයුතු කළේ,” යනුවෙන් යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

Related posts

මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 118 දක්වා ඉහළට

colombotoday

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

ඊයේ තහවුරු කළ කොවිඩ් මරණ 71ක්

colombotoday

ඉන්දියාවේ කොරෝනා මරණ 7700 ඉක්මවයි

colombotoday

සර්වපාක්ෂික සමුළුවේදී මුස්ලිම් මරණ ආදාහන ගැටලුව ඇවිලෙයි – සම්පුර්ණ වීඩියෝව

colombotoday

කොරෝනා ආසානය වී සිටි විදුහල්පති පැන ගිහින්.

colombotoday