Covid 19

කළුබෝවිල රෝහලේ වෛද්‍යවරයෙකුට කොරෝනා ආසාදනය වෙයි

කළුබෝවිල රෝහලේ ළමා රෝග ඒකකයේ සේවය කරනු ලබන වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණයකදී තහවුරු වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.

එලෙස කොරෝනා වෛරසය ආසාදනය වී ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරයෙකුට වන අතර ඔහුව මේ වන විට IDH රෝහලට ඇතුලත් කොට ඇත. එමෙන්ම වෛද්‍යවරයාගේ පවුලේ සාමාජිකයින්ට සහ පළමු ආශ්‍රීතයින්ට ස්වයං නිරෝධායනය වන ලෙස දැනුම් දී ඇති බවයි කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය වදිදුරටත් සඳහන් කළේ.

Related posts

කන්දකාඩු පොකුරේ කිසිසේත්ම දෙවැනි රැල්ලක් නෑ..

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයෙන් ඊයේ හමුවූ කොවිඩ් ආසාදිතයින්ගේ තොරතුරු

colombotoday

කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී

colombotoday

අද කොවිඩ් එන්නත ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

තවත් කොවිඩ් මරණ 22ක්

colombotoday

ප්‍රභූ ආරක්ෂකයන් 44 කටත් කොරෝනා ආසාදනය වෙයි

colombotoday