Colombo Today Local News

උතුරේ මැර කල්ලි මඬින්න ජනපතිගෙන් පොලිසියට උපදෙස්

උතුරේ ආවා කල්ලිය ප‍්‍රමුඛ සියලූ නීති විරෝධී කටයුතු වහාම මර්දනය කරන ලෙස ජනපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා යාපනයේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට නියෝග කර ඇත.

ජනපතිවයා මෙම නියෝගය කළේ උතුරු හා නැගෙනහිර කතෝලික රදගුරුවරුන් සමග පැවැති සාකච්ඡාවකින් පසුවය. කඩුවලින් සන්නද්ධ ආවා කල්ලිය උතුරේ සිවිල් ජනතාවට තර්ජනය කරන බව තමාට වාර්තාවී ඇති බව පවසූ ජනාධිපතිවරයා එම පිරිස් දැඩි ලෙස මර්දනය කරන ලෙස උතුරේ පොලිස් නිලධාරීන්ට නියෝග කර තිබේ.

යාපනය රදගුරු ජස්ටින් ගාරාප‍්‍රගාසම්, මඩකලපුව රදගුරු පොන්නයියා ජෝශප්, ති‍්‍රකුණාමලය රදගුරු නොයෙල් එමානුවෙල් සහ ති‍්‍රකුණාමල රදගුරු එමානුවෙල් ප‍්‍රනාන්දු යන පියතුමන්ලා මෙම සාකච්ඡුාවට සහභාගිවී ඇත.

මෙහිදී ජනපතිවරයා තවදුරටත් පැවසුවේ කඩුවලින් සන්නද්ධ මැරයන් පාලනය කළ නොහැකි තත්ත්වයකට පත්ව ඇති බවයි.

මේ නිසා ඔවුන් මර්දනය කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙස තමා නියෝග කළ බව රදගුරුවරුන් හමුවේ කියා සිටියේය.

Related posts

ඉන්ධන අර්බුදය විසඳන්න මිල සංශෝධනය ප්‍රමාණවත් නෑ මිල සූත්‍රයක් අත්‍යවශයයි – ශ්‍රී ලංකා මහ බැංකුව

colombotoday

කරුණු දහසක් තිබියදී බැසිල් ඇල්ලුවේ වලිගෙන් – එස් බී දිසානායක

colombotoday

සුදු පැළ කීඩෑ හානියෙන් වී ගොවිතැනට බලපෑම්..

Admin

අටළුගම ෆාතුමාට තර්ජනය කල එජාප මංත්‍රී ඉමිතියාස් යලි රිමාන්ඩ්

colombotoday

මානුෂීය මෙහෙයුම සමයේ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකට රටින් පිටවීම තහනම් කරයි !

colombotoday

ජනපති වියානා ඇලට වැට බඳී

colombotoday