World

ඉන්දියාව Tik Tok තහනම් කරයි.. චීනයට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පාඩුවක්

ඉන්දියාව විසින් පැනවූ තහනම හේතුවෙන් ‘ටික් ටොක්’ යෙදවුම අයත් චීන සමාගමට අමෙරිකානු ඩොලර් බිලියන 6ක පමණ පාඩුවක් සිදුවිය හැකි බව එම සමාගම පවසා ඇත.

චීනය සමඟ හටගත් අර්බුදකාරී වාතාවරණය හේතුවෙන් චීන සමාගම්වලට අයත් අන්තර්ජාල යෙදවුම් 60කට ආසන්න සංඛ්‍යාවක් ඉන්දියාව තුළ තහනම් කිරීමට ඉන්දීය රජය පසුගියදා පියවර ගනු ලැබුවේය.

තහනමට ලක්වූ යෙදවුම් අතර විදේශයන්හි ජනප්‍රියම අන්තර්ජාල යෙදවුම ලෙස සැලකෙන ටික්ටොක් යෙදවුම ද වේ.

මේ වසරේ මුල් කාර්තුව තුළ පමණක් ඉන්දීය පරිශීලකයින් විසින් ටික්ටොක් යෙදවුම භාගත කිරීම් මිලියන 611 ක් සිදුකර ඇති අතර එය පළමු කාර්තුවේ ලොව පුරා සිදුවූ භාගත කිරීම් සංඛ්‍යාවෙන් සියයට 30ක් පමණ වන බව සඳහන්.

චීනයට පසුව ටික්ටොක් යෙදවුම වැඩි වශයෙන් පරිශීලනය වන රට වන්නේ ද ඉන්දියාවයි.

Related posts

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක්

Admin

ලොව විශාලම ඛනිජ තෙල් සැපයුම් පහසුකම් මධ්‍යස්ථානයට ඩ්‍රෝන ප්‍රහාරයක්

colombotoday

ඉන්දියාවෙන් දිනක් තුළ නව කොරෝනා ආසාදිතයින් 57,704 දෙනෙකු හඳුනා ගැනේ

colombotoday

ස්වාසිලන්ත අගමැති මියයයි

colombotoday

ඉරාන ප්‍රහාරයට අපේ සම්බන්ධයක් නැහැ – ඇමෙරිකාව කියයි

Admin

Muslim Brotherhood සාමාජිකයින් 24කට මරණ දඩුවම.

colombotoday