ඉඩම් අමාත්‍ය එම්.කේ.ඒ.ඩී.එස් ගුණවර්ධන මහතා අභාවප්‍රාප්ත වී තිබේ. කලක සිට රෝගාතුරව සිටි ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී මෙලෙස අභාවප්‍රාප්ත වී ඇත.
මිය යන විට ඒ මහතා 70 හැවිරිදි වියේ පසුවිය.
ඉකුත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමයේ මෛත්‍රිපාල සිරිසේන මහතා පොදු අපේක්ෂකයා ලෙස ආණ්ඩුවෙන් ඉවත්වී ජනපතිවරණ සටනට පිවිසෙන බව සනිටුහන් කළ පළමු මාධ්‍ය හමුවට ද ඒ මහතා එක්විය.
එෙස්ම මෛත්‍රිපාල සිරිසේන මහතා ජනපතිවරණයෙන් ජයගත් පසු පැවැති මහමැතිවරණයේදී එක්සත් ජාතික පෙරමුණේ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරීපත්ව වත්මන් ආණ්ඩුවේ ඉඩම් ඇමති තනතුර ලබා ගැනීමට ද හෙතෙම සමත් විය.