Colombo Today Local News

ඇමරිකානු බලහත්කාරයට එරෙහිව ලක් රජය අභීතව නැගී සිටී… හමුදාපතිට එරෙහි තහනමට එරෙහිව විරෝධය දක්වයි…

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට සහ පවුලේ සාමාජිකයින්ට අමෙරිකාවට ඇතුළුවීමට තහංචි පැනවීමට එරෙහිව රජය දැඩි විරෝධතාව පල කළේය.

විදේශ සබදතා අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ස්වාධීනව තහවුරු නොකරන ලද මුලාශ්‍ර මත පදනම්ව අමෙරිකාව මෙවැනි තීරණයක් ගැනීම ගැන ශ්‍රී ලංකා රජය දැඩි විරුද්ධත්වය ප්‍රකාශ කරන බවයි.

රාජ්‍ය නායකයා විසින් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදාපති ධුරයට පත් කරනු ලැබුවේ ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය සහ මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් තහවරු කිරිම සඳහා කිසිඳු චෝදනාවක් නොමැති නිසා බව විදේශ සබදතා අමාත්‍යාංශය අවධාරණය කරයි.

එම අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඔහුගේ ජ්‍යෙෂ්ඨත්වය මත පදනම්ව ඔහු වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කිරීමට ජනාධිපතිතුමා පියවර ගත් බවයි.

ඒ අනුව මෙම තීරණය ගැනීමට හේතු වූ තොරතුරු මුලාශ්‍රවල නිවරැදිභාවය පිළිබඳව සොයා බලන ලෙසත් ශවේන්ද්‍ර සිල්වා මහතා සම්බන්ධයෙන් ගනු ලැබු තීරණය යළි සමාලෝචනය කරන ලෙසත් ශ්‍රී ලංකා රජය අමෙරිකාවෙන් ඉල්ලා සිටී.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ඊයේ සංචාරක තහනමක් පැනවූයේ ය.

Related posts

පෙර නොවූ බද්දක් විදුලියටත් වැටෙයි.. 2%ක බදු වැඩිවීම 2 සිට ක්‍රියාත්මකයි

colombotoday

‘එක්ස්ප්‍රස් පර්ල්’වලින් සිදු වූ හානියට මිලියන 420 ක් ධීවරයින්ට දුන්නා’ – කංචන විජේසේකර

colombotoday

වත්මන් ආණ්ඩුව බැරැක්ක රටක් නිර්මාණය කරමින් සිටිනවා. දේශපාලන පළිගැනීම්වලට බය නෑ. – පාඨලී චම්පිකර රණවක

colombotoday

මහ මැතිවරණයෙන් පස්සේ හොරු අල්ලනවා

Admin

බදුල්ල දිස්ත්‍රික්කය – ඌව පරණගම ආසනය – සජිත් පරදා ගෝඨාභය ඉදිරියට !

colombotoday

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin