Colombo Today Local Newsfeatured

ඇමති රිෂාඩ් බදියුදීන් හොර සංවිධාන හරහා මුදල් ගසා කයි…

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා  ශ්‍රී ලංකා සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සංගමය නමින් ව්‍යාජ සංවිධානයක් ලියාපදිංචිකර ඒ හරහා මුදල් ගසාකෑමේ කූඨ උපක්‍රමයක් ක්‍රියාත්මකයක නිරත වෙමින් පවති.

ශ්‍රී ලංකා සමූපකාර සහල් නිෂ්පාදකයින්ගේ සංගමය තිබියදී එහි ලියාපදිංචි අංකයම භාවිත කරමින් එම නමටම ලියාපදිංචිය ලබාගෙන ඇති මෙම හොර සංවිධානය හරහා චීන සමාගමකින් රුපියල් මිලියන 10 103ක මුදලක් ලබාගැනීමට ඉල්ලුම් කර ඇත.

ඊට සමූපකාර කොමසාරිස්වරයා ද අත්සන් තබා නිර්දේශ කොට ඇති බව සමස්ථ ලංකා ගොවිජන සංමේලනය හා සමස්ථ ලංකා සහල් නිශ්පාදකයින්ගේ සංගමය අවධාරණය කරයි.

මේ හරහා නීත්‍යානුකූල සහල් නිෂ්පාදකයින්ගේ සමූපකාර සමිතිය තිබිය දී එහි නම සහ ඊට අදාල ව්‍යාජ ලේඛන භාවිත කරමින් රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා සිය ගෝලයින් පිරිසකට මුදල් කන්දරාවක් හිමි කරදීමේ නිර්ලජ්ජිත උත්සාහයක නිරත වේ.

මේ අනූව අද (09)  රටපුරා සිටින සුළු හා මධ්‍ය පරිමාන සහල් නිෂ්පාදකයින් කොළඹට පැමිණ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා හමුවී මේ පිළිබදව සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි.

Related posts

Breaking News: රන්ජන් අත්අඩංගුවට

colombotoday

මරාගෙන මැරෙන්න 11 දෙනෙක්‌ සූදානම් කරලා ඉඳලා

colombotoday

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday

නෞකාව කළ හදියෙන් ජිවන මග කඩා වැටුන ධීවරයින්ට රජයෙන් රු. 5000ක්

colombotoday

හරක් කටා සහ කුඩු සළිඳු මැඩගස්කරයෙන් ලංකාවට!

Admin

ඇමරිකා යුධ අපරාධ විශේෂඥයෙක් විග්නේශ්වරන් හමුවේ.. සංහිදියාව ගැන සාකච්ඡා !

colombotoday