Colombo Today Local NewsUncategorized

අලුත් බදු වලින් නෙට් බිල්, දුරකථන බිල්, විදුලි බිල් වැඩිවන සූත්තරේ මෙන්න

2016 අයවැය යෝජනා අනුව විදුලි සංදේශ සහ විදුලි සැපයීමේ සේවාවන් සදහා 4%ක් වන ජාතිය ගොඩනැගීමේ බද්ද පනවා තිබේ. ඒ අනුව 2016 ජනවාරි 1 වනදා සිට බලපැවැත්වෙන පරිදි විදුලි සහ දුරකථන ගාස්තු ඉහළ යාමට නියමිතව තිබේ.

අදාල බදු ප්‍රතිශත අනුව මිළ ගණන් ඉහළ යන ආකාරය පිළිබදව ප්‍රසිද්ධ විගණන ආයතනයක් වන PriceWaterhouseCoopers මගින් පළ කළ වාර්තාවන් මෙලෙසය.

විදුලි සංදේශ උපකරණ සදහා මීට පෙර VAT බද්ද ඉවත් කර තිබුණද, මෙවර අයවැයෙන් එම බද්ද යළි පනවා ඇත. එමගින් ජංගම දුරකථන සහ විදුලි සංදේශ ක්ෂේත්‍රයේ සියළුම උපකරණ වල මිල ඉහළ යන බව සදහන් කරයි.

pwc3

විදේශ වල සිට ශ්‍රී ලංකාවට ලැබෙන දුරකථන ඇමතුම්වලදී ශ්‍රී ලාංකික ග්‍රාහකයා දැරිය යුතු මුදලට ඩොලර් 0.9ක බද්දක් අය කෙරේ.

සෑම දුරකථන කුළුනකින්ම රුපියල් 50000ක බද්දක් අය කෙරේ.

pwc4

කිසියම් වක්‍ර බද්දක් පැවවූ පසුව එම බදු ප්‍රතිශතයට වඩා වැඩි ප්‍රතිශතයකින් අදාල භාණ්ඩයේ මිල ඉහළ දැමීම ව්‍යාපාරිකයින් විසින් සිදු කරනු දක්නට ලැබේ. එනිසා අදාල විදුලි සහ දුරකථන ගාස්තු වැඩි අයගයකින් ඉහළ යනු ඇතිබව වාර්තා වෙයි.

-LankaGrid

Related posts

අංගම්පොර සටන් කලාව නීත්‍යනුකූල කිරිමට කැබිනට් අනුමැතිය

colombotoday

එට්කා සහ මෙරට ආර්ථික ඝාතකයෝ !

colombotoday

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday

ලොකු ලූනු කිලෝවකට රු.100ක සහතික මිලක්

colombotoday

ගුරුකන්ද නාහිමිගේ ආදාහනයට එරෙහිව විග්නේශ්වරන් ඇතුළු පිරිසක් විරෝධතාවයක

colombotoday