30 C
Colombo
5 April 2025
Colombo Today Local NewsTop Stories

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව – සී.වී. විග්නේශ්වරන්ගේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරයි.

තමාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා උතුරු පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතා විසින් මතුකළ මූලික විරෝධතා අද(13) අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

කුමුදුනී වික්‍රමසිංහ සහ  ජනක් ද සිල්වා යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින් මෙම නියෝගය ලබා දුන්නේය.

ඒ අනුව විග්නේෂ්වරන් මහතාට එරෙහිව ගොනු කර තිබෙන අධිකරණ අපහාස කිරීමේ චෝදනා ඉදිරියටත් විභාග කිරීමට තීරණය කර ඇති  විනිසුරු මඩුල්ල එය විභාගයට ගන්නා දිනය  ලබන සිකුරාදා තීරණය කරන බව කියා සිටියේය.

උතුරු පළාත් හිටපු ධීවර අමාත්‍ය බී.ඩෙනිෂ්වරන් මහතා විසින් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේශ්වරන් මහතාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා ගොනු කර තිබු අතර උතුරු පළාත් ධීවර අමාත්‍ය ධුරයෙන් තමන්ව ඉවත් කිරීම නීති විරෝධී යැයි ප්‍රකාශන මෙන් ඉල්ලා හිටපු අමාත්‍ය බී. ඩෙනීෂ්වරන් මහතා විසින් ගොනු කළ පැමිණිල්ලක් විභාග කළ අභියාචනාධිකරණය ඩෙනීෂ්වරන් මහතාට එම  තනතුරේ කටයුතු කිරීමට ඉඩ දෙන ලෙස දන්වා අතුරු නියෝගයක් උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේෂ්වරන් මහතා වෙත 2018 වසරේ අගෝස්තු මස නිකුත් කර තිබුණි.

එහෙත් විග්නේෂ්වරන් මහතා එම අභියාචන අධිකරණ නියෝගයට අවනත නොවී කඩ කරමින් කටයුතු කළ බව චෝදනා කරන පැමිණිලිකාර ඩෙනීෂ්වරන් හිටපු අමාත්‍යවරයා ඒ තුළින් ඔහු අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇති අතර එම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේදී එය විභාග කිරීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බව සඳහන් කරමින් වගඋත්තරකාර හිටපු ප්‍රධාන අමාත්‍ය විග්නේශ්වරන් මහතා ඇතුළු තුන් දෙනෙකු විසින් මූලික විරෝධතා මතු කර තිබුණි.

Related posts

පොලිසියට අවශ්‍යව සිටි ෆාතිමා ලතිෆා අත්අඩංගුවට

colombotoday

මාස දෙකකදී ඉස්ලාම් අන්තවාදීන් 201ක් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුල් වෙලා !!

colombotoday

හොර ඡන්ද දැමීම හා ඡන්දය වැළැක්වීම සමූහ ස්ත්‍රී දූෂණයකට සමානයි – මැ.කො.

colombotoday

ලක්ෂ 20ක හෙරොයින් සමග සැකකරුවෙකු කාකදූපතදී අත්අඩංගුවට

colombotoday

ඉතිහාසයේ කවදාවත් නොවූ විදිහට ACJU වහාබ්වාදීන් ඤාණසාර හිමි ට බයවෙලා – සාම්ප්‍රධායික මුස්ලිම්වරයෙකුගෙන් සටහනක්

colombotoday

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

colombotoday