Colombo Today Local News

අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද පස්වරුවේ

සසුනඹර එකළු කළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්‍රමහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය අද (22) දින සිදු කෙරේ.

අද පස්වරු 2.00 ට පූර්ණ රාජ්‍ය ගෞරව සහිතව ආදාහන පූජෝත්සවය පැවැත්වෙන්නේ , කුණ්ඩසාලේ එස් .ඩබ්ලිව් ආර් ඩී බණ්ඩාරණායක විදුහල් ක්‍රීඩාංගණයේදී ය.

මහ නාහිමියන්ගේ ශ්‍රී දේහය මේ වනවිට මහනුවර, මැණික්හින්න විද්‍යාසාගර පිරිවෙන් පරිශ්‍රයේ තැන්පත් කර තිබේ.

උන්වහන්සේට අවසන් ගෞරව දැක්වීම සඳහා ඊයේ දිනයේත් ආගමික නායකයින් දේශපාලනඥයින් ඇතුළු බොහෝ දෙනෙකු පැමිණිය හ.

අති පූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන් පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අපවත් වූයේ, පසුගිය 17 වැනිදා ය.

අපවත් වනවිට උන්වහන්සේගේ වයස අවුරුදු 98 කි.

මේ අතර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නායක අග්‍ර මහා පණ්ඩිත අතිපූජ්‍ය නාපාන පේමසිරි මහ නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය හේතුවෙන් අද දහවල් 12.00 සිට මහියංගණය පාරේ කුණ්ඩසාලේ , නත්රම්පොත 621 හන්දියෙන් සහ දිගන නගරයෙන් වාහන ගමනාගමනය සීමා කර ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ, ආදාහන පූජෝත්සවය අවසන් වනතෙක් එලෙස වාහන ගමනාගමනය සීමා කර ඇති බවයි.

ඒ අනුව අදාළ කාලය තුළදී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය දැනුම් දෙයි.

මහියංගණය, හසලක දෙස සිට මහනුවර දෙසට ධාවනය වන වාහන දිගන නගරයෙන් හරවා මැණික්හින්න, පොල්ගොල්ල මාර්ගයෙන් මහනුවරට ධාවනය කළ හැකි ය.

මහනුවර සිට හසලක මහියංගණය දෙසට ධාවනයවන වාහන කුණ්ඩසාලේ, නත්රම්පොත 521 හන්දියෙන් හරවා යක්ගහපිටිය, කිරිමැටිය, මැණික්හින්න, නගර හරහා දිගන නගය වෙත ගොස් මහියංගනය ප්‍රධාන මාර්ගයට පිවිසිය හැකි බව පොලීසිය සඳහන් කළේ ය.

Related posts

ජපානයේ බුදු දහම වෙනුවෙන් කළ මෙහෙවරට ධම්මාලෝක හිමි ගෞරව නාමයෙන් පිදුම් ලබයි

colombotoday

ටෙන්ඩරය වැරදී හාල් ඇටයක්වත් ආනයනය කරන්න බැරිවෙයි

Admin

එජාපයෙන් ඉවත් කළ පළාත් පාලන සභිකයින් වෙනුවට නව සභිකයින් කිහිපදෙනෙක් අද දිවුරුම් දෙයි

colombotoday

ෂැංග්‍රීලා ප්‍රහාරය සහරාන් හස්මින්, මඩකලපු ප්‍රහාරය අබු මොහොමඩ් – ප්‍රහාරකයන් හඳුනාගත් බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි

colombotoday

සමාජ මාධ්‍ය භාවිත කරන්නන් ලියාපදිංචියක් සිදුවන්නේ නෑ

colombotoday

අය වැයේ තියෙන්නේ යළි පුබුදමු ශ්‍රී ලංකා රට විකුණන වැඩ සටහන – වතුර විකුණන්න කැබිනට් පත්‍රිකාවක් දාලා

Admin