Colombo Today Local News

අටලුගම දී පොලීසියට පහරදීම – සොයමින් සිටි ප්‍රධාන සැකකරු අල්ලයි

බණ්ඩාරගම, අටලුගම දී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ෂාරිෆ් රිෆායි නොහොත් “ගොටුකොළ රිෆායි” නැමැත්තා ය.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

පසුගිය 9 වැනිදා අටලුගම, මරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට කාන්තාවන් ඇතුළු පිරිසක් පහර දී තිබුණි.

පසුව කාන්තාවන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව සැප්තැම්බර් 24 වැනිදා තෙක් බන්ධනාගාර ගත කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තවත් සිව්දෙනෙක් ඊයේ (17)දින ද අත්අඩංගුවට ගත්තේය.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බලංගොඩ කල්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

Related posts

ආණ්ඩුවේ ඉන්නේ ඉතා අකමැත්තෙන්.. මං විපක්ෂයට යනවා – ඇමති ජෝන් සෙනවිරත්න

colombotoday

මව්බිම සුරැකි අභීත සෙන්පතියා !

colombotoday

විදුලි කප්පාදුවේ වෙනසක්

colombotoday

පාසලට සිසුන් අතුළත් කිරීමේදී රු ලක්ෂ 76ක මූල්‍ය අක්‍රමිකතාවක් සිදු කල විදුහල්පතිට මාරුවක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දීමනා ඩබල් වෙයි

colombotoday

“මා කියූ ආණ්ඩුවේ හොරු එළිවුණා.. මට අස්වෙන්න කියූඅය ඔවුන්ටත් අස්වෙන්න කියනු” – රන්ජන්

colombotoday