බෑණාට අයත් අධිකරණයේ ප්‍රශ්නගත රුපියල් ලක්ෂ 887 ක මුදලක් රාජසන්තක නොකර අපසු ලබා දීමට කටයුතු කරන මෙන් තමන්ගෙන් සරත් ෆොන්සේකා මහතා ඉල්ලීමක් කළ බවත් එම ඉල්ලීමට තමන් අවනත නොවීම ෆොන්සේකා තමන් හා විසරක විමට තවත් හේතුවක් වූ බවයි විජේදාස රාජපක්ෂ මහතා පවසන්නේ.
ඊයේ (6) පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ අදාළ මුදල ආපසු ලබාදීමට තමන් එකග නොවූයේ එම මුදල් වංචනිකව උපයා ගත් ඒවාද නැතිනම් සාධාරණව උපයාගත් ඒවාදැයි තමන් නොදන්නා නිසා බවයි.
මේ අතර 2010 ජනාධිපතිවරණයේදී සරත් ෆොන්සේකා මහතාගේ මැතිවරණ කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් විවිධ පාර්ශ්වවලින් ලැබුණු බවද විජේදාස රාජපක්ෂ මහතා මෙහිදී අනාවරණ කළා.