Colombo Today Local News

ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත් පාලන කොමසාරිස්ට එරෙහිව පරීක්ෂණයක්

මැතිවරණ කොමිසන් සභාවේ තීරණයක් වැරදි බව දක්වමින් පළ වූ ෆේස් බුක් සටහනකට ප්‍රතිචාර දැක්වූ දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස් සේනක පල්ලියගුරු මහතා සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් වෙත දැනුම් දී තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව දිගින් දිගටම පළාත් පාලන කොමසාරිස්වරුන් වෙත බලපෑම් කිරීම පිළිබඳ කඩුවෙල හිටපු නාගරිසක කොමසාරිස් ගාමිණි ගුණසේකර සිය ෆෙස් බුක් ගිණුමේ සටහනක් මඟින් සඳහන් කර ඇත.

එයට දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයා විසින් සිය පෞද්ගලික අදහස් එකතු කර තිබේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා සඳහන් කර ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාව, ඕනෑම රාජ්‍ය සේවකයෙකු වෙත ලබා දෙන නීත්‍යානුකූල නොවන නියෝග/උපදෙස් ක්‍රියාත්මක නොකර සිටීමට කණිෂ්ඨ නිලධාරීන්ට අයිතියක් ඇති බවය.

මන්ද, බාහිර බලපෑමක් නිදහසට කරුණක් ලෙස ඉදිරිපත් කිරීමට කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට හැකියාවක් නොමැති බවද ඒ මහතා සිය නිවේදනයෙන් පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව වෙනුවෙන් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියක් මාර්ගයෙන් දැනුම් දී තිබේ.

එහි දැකවෙන පරිදි මෙම කර්තවය මැතිවරණයක් පැවැත් වීමේ ක්‍රියාවලියට කරනු ලබන බාධාවක් හා අවහිරයක් ලෙස මැතිවරණ කොමිෂන් සභාව සැලකිල්ලට ගෙන ඇතැයි ද දක්වා තිබේ.

එමෙන්ම මෙවැනි ක්‍රියා අනෙකුත් රාජ්‍ය නිලධාරීන්ට වැරදි පූර්වාදර්ශයක් සැපයීමක් මෙන්ම රාජ්‍ය පාලනයට අහිතකර තත්ත්වයක් බවද පෙන්වා දී ඇති සමන් ශ්‍රී රත්නායක මහතා, මේ සම්බන්ධයෙන් දකුණු පළාත්, පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් කරුණු විමසීමක් සිදු කිරීම සුදුසු බවත් ඒ පිළිබඳව කොමිෂන් සභාව දැනුවත් කරන ලෙස ද සඳහන් කර ඇත.

Related posts

උතුම් නවම් පොහොය අදයි !

colombotoday

13 වැනි සංශෝධනයේ ඇති ඉඩම්, පොලිස් බලතල දෙන්න බැහැ… විකල්ප ගැන කතා කරමු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ‘ද හින්දු’ පුවත්පතට කියයි

colombotoday

අද ක්‍රියාත්මක කාර්යාල දුම්රිය 10ක් පමණයි

Admin

ශ්‍රී ලංකාවෙ පළමු ඔමික්‍රෝන් ආසදිතයා හමුවෙයි

colombotoday

“ඉදිරි මාස දෙක තුළ ඩොලර් බිලියන පහක්වත් නොලැබුණොත් රට ගෙනියන්න බෑ”

colombotoday

වවුනියාව අධිකරණ සංකීර්ණය තාවකාලිකව වසාදමයි

colombotoday