Colombo Today Local News

හොර රහසේම රට පුරා පාන් බනිස් ගණන් උස්සයි

paan banisතිරිගු පිටි කිලෝව රුපියල් දෙකකින් ඉහළ යෑමත් සමග රට පුරා බේකරි නිශ්ාදනවල මිල ගණන්ද ඉහළ දමා ඇතැයි වාර්තා වේ. ඇතැම් ප‍්‍රදේශවල මිල ගණන් ඉහළ දමා ඇත්තේ විවිධ මිල පරාසයන් යටතේ බවටයි වැඩිදුරටත් වාර්තා වුණේ.

එහෙන් සම්ස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසන්නේ බේකරි නිශ්පාදනවල මිළ ගණන් ඉහළ දැමීමට තම සංගමය මෙතෙක් තීරණය කර නැති බවයි. නමුත් පිටිමිල ඉහල යෑමත් සමගම බේකරි හිමියන් විසින් සිය නිශ්පදනවල මිල ගණන් ඉහළ දමා ඇති බව තමන්ටද වාර්තා වී ඇති බව එම සමගමය වැඩිදුරටත් පවසයි.

තිරිගු පිටි සමාගම් පවසන්නේ ජාතිය ගොඩනැගීමේ බද්ද ඉහළ දමා ඇති බැවින් ජනවාරි පළමුවැනිදා සිටි ක්‍රියාත්මක වන පරිදි තිරිගු පිටි මිල ඉහල දැමූ බවයි.

ඔවුන් මෙලෙස මිල වැඩිකර ඇත්තේ පාන් පිටි කිලෝ ග‍්‍රෑම් 01ක් සඳහා රුපියල් 87ක පාලන මිලක්ද පනවා තිබියදීයි. එහෙත් මේවන විට බොහෝ ප‍්‍රදේශවල තිරිඟු පිටි කිලෝ ග‍්‍රෑම් 01 ක් අලෙවි කරනු ලබන්නේ රුපියල් 89 කට බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය පවසන්නේ තිරිඟු පිටි මිල ඉහළ නංවන බවට සමාගම් කිසිදු දැනුම්දීමක් සිදු කර නොමැති අතර පාලන මිලක් පනවා තිබියදී තිරිඟු පිටි මිල ඉහළ දැමිය නොහැකි බවයි.

Related posts

පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට සාධාරණත්වය ඉටුකරන්න ජාත්‍යන්තර සහය ගැනීම හැර විකල්ප නෑ..

colombotoday

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

හිටපු ඇමති ජොන්ස්ටන්ට අධිකරණය අද දුන් තීන්දුව….

colombotoday

ශ්‍රී ලංකාව සියලුම විදේශ ණය ගෙවීම අත්හිටුවයි

colombotoday

අදත් දුම්රිය ධාවනය සීමා වෙයි

colombotoday

කොටහේන 6වන පටුමගේ වෙඩිතැබීමක්

Admin