Colombo Today Local News

හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවේ

බොරැල්ල පොලිස් වසමේ ටී 20 වත්ත ප්‍රදේශයේ දී වැටලීමක් සිදුකර හෙරොයින් පැකට් 380ක් සමග කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

අද (11)දින උදෑසන 11.30 ට පමණ බොරැල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමක් අතරතුර එම කාන්තාව අත්අඩංගුවට ගෙන ඇත.

එම හෙරොයින් පැකට් 380 තුළ හෙරොයින් ග්‍රෑම් 15යි මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් තිබූ බව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 38ක් වු බේස්ලයින් මාවත, බොරැල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකාරිය හෙට (12)දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බොරැල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඇමති සහ පරිවාරයන් වන සතුන් ද බය කරමින් යාල කැලේ යකා නටයි

colombotoday

ඩයස්පොරාවේ ඉල්ලීම් 10ක් ව්‍යවස්ථා අතුරු කමිටු වාර්තාවේ.. ‘ටැමිල් නෙට්‘ හෙළිකරන සිංගප්පූරු සම්මුතිය මෙන්න

colombotoday

අන්තර්ජාලය හරහා මුදල් ගනුදෙනු කරන්නන්ට පොලීසියෙන් දැනුම් දීමක්..

colombotoday

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයට සැලසුම්

colombotoday

පුංචි ජන්දය තවත් මාස 6කින් කල් යයි

colombotoday

මහ වැසිත් සමග කොළඹ ස්ථාන රැසක මාර්ග අවහිර වේ

colombotoday