Colombo Today Local News

හෙරොයින් ග්‍රෑම් 94ක් සමග තවත් බන්ධනාගාර නියාමකවරයෙක් බොරැල්ලේදී කොටු

බොරැල්ල පොලිස් වසමේ, සිරිසර උයන්, බොරුල්ල ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 94යි මිලිග්‍රෑම්132ක් සමග බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (27)දින බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදුකළ වැටලීමක දී අදාළ සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 49 හැවිරිදි සිරිසර උයන්, බොරුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

අදාළ සැකකරු අද (28)දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් තිරීමට නියමිතය.

එම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය විසින් සිදුකරයි.

Related posts

තව ටිකයි..ඉවසීම ඉවරයි ! අන්තවාදයට එරෙහිව මහියංගන බොදු ජනතාව මහ පාරට

colombotoday

වැඩකරන ජනතාවගේ EPF අරමුදලට හානියක් වීමට ඉඩ තියන්නේ නෑ.. – ජනපති

Admin

අධිවේගයේ ගාස්තු තත්පර 8න් ගෙවන්න අලුත් ක්‍රමයක්

colombotoday

රියදුරු බලපත් වලංගු කාලය දීර්ඝ කෙරේ

colombotoday

ජාත්‍යන්තර පාසලක සඟවා තිබූ අල්-කුරාන් පොත් 15000 කට සීල් තබයි.

colombotoday

ඇමතිවරයා ගොනාට අන්දවා ගිනි ගානට විදුලිය මිලදී ගැනීමේ සූදානමක්

colombotoday