Colombo Today Local News

හුදකලා කර තිබූ ප්‍රදේශ කිහිපයක් යළි විවෘත කෙරේ

හුදකලා කර තිබූ තවත් ග්‍රාම නිලධාරි කොට්ඨාස කිහිපයක් යළි විවෘත කළ බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

ඒ අනුව කුරුණෑගල නගර සභා සීමාවේ ඉලිප්පුගෙදර සහ කඩවීදිය ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරි කොට්ඨාසවලට පනවා තිබූ හුදකලා තත්ත්වය ඉවත් කර තිබේ.

එමෙන්ම කුලියාපිටිය පොලිස් බලදේශයේ ගලගෙදර, හම්මලව, සහ ඉහළ කළුගමුව යන ග්‍රාම නිලධාරී කොට්ඨාස හැර සෙසු ග්‍රාම නිලධාරී කොට්ඨාසවලද හුදකලා කිරීම ඉවත් කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

ඉදිරි මැතිවරණ තරග බිමට සන්ධාන 3ක්…

colombotoday

ඇදිරි නීතිය ඉවත් කෙරේ.. ආරක්ෂාව තර කෙරේ

colombotoday

හැටන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ්. නඩු කල් තබයි. – සියළුම සේවකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට.

colombotoday

රටපුරා බල්ලන් විසි ලක්ෂයක් දඩාවතේ… ජලභීතිකාව හිස එසවීමේ අවදානමක්…

colombotoday

වෙළඳසැලක කතකගේ මළ සිරුරක්

Admin

ගුටි කෙලි අස්සේ වෙල්ගම සහ චම්පික, රාජිත,චතුර රහස් කතාවක

colombotoday