Colombo Today Local News

හමුදාපති ශවේන්ද්‍රට දෙවන ප්‍රහාරය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිස් ගෙන්

ශ්‍රී ලංකා යුද හමුදාපති ලෙස ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය ද සිය කණගාටුව පල කර තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පෙන්වා දෙන්නේ අදාළ පත් කිරීම අතිශ්‍යයින් ගැටළු සහගත බවයි.

යුද සමයේ දී ශවේන්ද්‍ර සිල්වා මහතාට එරෙහිව ජාත්‍යන්තර මානව හිමිකම් සහ මානූෂීය නිති උල්ලංඝණය කළ බවට චෝදනා ඇති බැවින් අදාළ පත් කිරීම සිදුනොකළ යුත්තක් බව ඇය පෙන්වා දෙයි.

ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ලබාදුන් උසස්වීම තුළින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ තිහේ එක යෝජනාවට අනුව ප්‍රතිසන්ධාන, වගවීම සහ මානව හිමිකම් ප්‍රවර්ධනයට ශ්‍රී ලංකාවේ කැපවීම දැඩි ලෙස බිද දමා ඇති බව මානව හිමිකම් මහකොමසාරිස්වරිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

මෙම තත්ත්වය එක්සත් ජාතීන්ගේ සාම සාධක ක්‍රියාවලියට ද බලපෑම් එල්ල විය හැකි බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් මිෂෙල් බැචෙලෙට් මහත්මිය පසුගිය මාර්තු මාසයේ දි ශවේන්ද්‍ර සිල්වා මහතා හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්කිරීම සම්බන්ධයෙන් ද කණස්සල්ල පල කර තිබුණි.

මේ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපති කාර්යාලය ද ඊයේ(19) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ  ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පත්කිරීම සම්බන්ධයෙන් සිය කණස්සල්ල පල කරන බවයි.

කෙසේ වෙතත් ශ්‍රී  ලංකාවේ යුද හමුදාපතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරිය සිදුකළ ප්‍රකාශය දැඩි ලෙස හෙළා දකින බව ජාතික නිදහස් පෙරමුණ පවසයි.

එම පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී  විමල් වීරවංශ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකා රජයේ අභ්‍යන්තර කටයුතුවලට ඇඟිලි ගසමින් අමෙරිකානු තානාපතිවරිය රාජතාන්ත්‍රික සීමා නොසලකාහරිමින් කටයුතු කර ඇති බවයි.

Related posts

ග්‍රාමසේවක කෙනෙක් රජ කරල අපට වැරදුණා මහත්තයෝ.. මෛත්‍රීපාල නම වැටිල තියන්නේ වැරදි මිනිහෙකුට

colombotoday

රූපවාහිනි සංස්ථාවට ඇතුළු වූ මර්වින් සිල්වා මුදා හරී…

colombotoday

අනියම් පෙම්වතිය මැරු SI කළ වරද ගැන දුක් වෙමින් බිරිඳට තැබූ පණිවිඩය

colombotoday

චීනයෙන් සල්ලි අරන් ඡන්දය කිරීම මහා පාවාදීමක්.. මහින්ද යනු දෙවන දොන් ජුවන් ධර්මපාලයි – පුරවැසි බලය

colombotoday

අරන්තලාව භික්ෂු ඝාතනය ගැන විධිමත් විමර්ශනයක්. නීතිපති අධිකරණයට දන්වයි. – කරුණට සහ පිල්ලයාන්ටත් චෝදනා

colombotoday

සමස්ත ලංකා ජමයතුල් උලමා සංවිධානය මුස්ලිම් පාතාලයට සම්බන්ධයි

colombotoday