Colombo Today Local News

සෞදි අධිකරණය ලාංකික කතගේ නඩුව නැවත අසයි

සෞදියේදී ගල් ගසා මරා දැමීමට නියමව ඇති ශ්‍රී ලාංකික කාන්තාවගේ නඩුව නැවත විභාග කිරීමට සෞදි රජය තීරණය කර ඇති බව විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පවසයි.

එය ශ්‍රී ලංකාව ලබාගත් ජයග්‍රහණයක් බවත්, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසකට එම කාන්තාව හමුවීමට අවස්ථාව ලැබුණ බවත් ඇයට එරෙහිව පවතින නඩු තීන්දුව වෙනස් කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පැවැසීය.

මේ අතර ගෘහ සේවය සදහා කාන්තාවන් යැවීම හැකි තරම් සීමා කිරීමට කටයුතු කරන බවත් සෞදියට ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් යැවීම නවතනවාද යන්න තවමත් තීරණයක් ගෙන නොමැති බවත් විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරාළ මහත්මිය ඊයේ 07 පාර්ලිමේන්තුවේදී පැවසුවාය.

Related posts

මාස 6න් හොරා කෑ ධනය ගේනවා

Admin

මාර්තු මාසයේ උද්ධමනය පහලට

Admin

පාසල් දරුවන්ගේ පෝෂණය වෙනුවෙන් විශේෂ අරමුදලක් පිහිටුවීමට සැලසුම්

colombotoday

පාස්කු ප්‍රහාරය : කොච්චිකඩේ දේවස්ථානයේදී මරාගෙන මැරුණු අලඩීන් මොහොමඩ් මුවත්ගේ පියා සියලු චෝදනාවලින් නිදහස්

colombotoday

වරාය සේවක විරෝධතාව උණුසුම්.. කදුළු ගෑස්, අධි පීඩන ජල ප්‍රහාර !!

colombotoday

වැල්ලම්පිටියේ සඟවා තිබූ කසළ තේ කිලෝ 15000ක් වටලයි

colombotoday