Colombo Today Local News

සෞඛ්‍ය පුරුදු හඳුන්වා දෙන සංඥා මාලාවක්

“නව ජීවන රටාවක් උදෙසා” යන තේමා පාඨය ඔස්සේ කොවිඩ් 19 වෛරසයෙන් වැලකීමේ සංඥා මාලාව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් හඳුන්වා දීමට කටයුතු යොදා ඇත.
කොවිඩ් – 19 වෛරසය පැතිරයාම පාලනය කිරීම සඳහා තවදුරටත් ගත යුතු විශේෂිත ක්‍රියාමාර්ග පිළිබදව තීන්දු තීරණ ගැනීම සඳහා සෞඛ්‍ය හා දේශිය වෛද්‍ය සේවා අමාත්‍යාංශය පිහිටුවන ලද විශේෂ ක්‍රියාකාරී කාර්යසාධන සමාලෝචන කමිටුව අද(21) දින සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පවත්වා තිබේ.
ඒ අනුව මෙම සංඥා මාලාව දිවයින පුරා ජනතාව ගැවසෙන පොදු ස්ථාන, බස්නැවතුම් පොළවල් සහ බස් නැවතුම් ස්ථාන, සුපිරි වෙළෙද සැල් සහ කාර්යාල කේන්ද්‍ර කර ගනිමින් සංඥා ප්‍රදර්ශනය කිරීමට අවශ්‍ය කටයුතු යෙදීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙම විශේෂ කාර්යසාධන සමාලෝචන කමිටුව වෛද්‍ය පරිපාලකයන්, පරිපාලන සේවයේ නිළධාරීන් හා විශේෂඥ වෛද්‍යවරුන් 35 දෙනෙකු නියෝජනය කරන අතර දින දෙකකට වරක් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් රැස්වෙයි.

රට විවෘත කිරීමත් සමඟ එළඹිය යුතු තීරණ කීපයක්ද, කොවිඩ් – 19 හේතුවෙන් අවශ්‍ය අවස්ථාවන් හිදී මුහුණු ආවරණ පැළැදීම පිළිබදව ද නිර්දේශයන් සකස් කිරීමට ද,සෞඛ්‍ය උපදෙස් මත පොදු ස්ථාන විෂබීජහරණ වැඩපිළිවෙල පිළිබදව ද මෙහිදී සාකච්ඡාවට භාජනය වී තිබේ.

Related posts

විෂෙන් විෂ නසන අලුත් බෙහෙතක් පේරාදෙණීයෙන් සොයා ගනී.

colombotoday

මහසෝන් බළකායට පණ දුන් කැබිනට් ඇමති කවුද? – වාසුදේව කියයි

colombotoday

දකුණේ ජාතිවාදය අවුස්සන්න එපා.. මහ ඇමති වැරදිනම් නඩු දාන්න – ජාතික සංහිදියා ඇමති

colombotoday

නිමලව ආරාණ්‍ය සේනාසනයේ භාවනානුයෝගී හිමිවරුන් වතුර බොන ළිදට වස මුසු කරයි…

colombotoday

නිල ඇඳුම් වෙනුවට වවුචර් දීමෙන් මිලියන 538.5 ක අමතර වියදමක්‌ දරලා – විජයදාස රාජපක්‍ෂගෙන් පැමිණිල්ලක්‌

colombotoday

බුරවිට සුළි කුණාටුවට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

colombotoday