Colombo Today Local News

සොයිසාට, පියසේනට, ෆවුසිට ඇමතිකම්…

රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩු පක්ෂයට පැමිණි මන්ත්‍රීවරුන්ට ඇමතිකම් ලබාදීමට යෝජනාවක් ඇති බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

ඊයේ (19දා) අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේ පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යයවේදීන් නැගූ ප්‍රශ්න වලට පිළිතුරු ලබා දෙමින් ඔහු මේ බව පැවැසීය.

“අගමැතිතුමන් හා ජනාධිපතිතුමන් සාකච්ජා කර ඉතා ඉක්මනින් දේශපාලන වශයෙන් ප්‍රමුඛත්වය ලබා දීලා ඉතිරි රාජ්‍ය හා නියෝජ්‍ය ඇමතිවරුන් දිවුරුම් දීමට බලාපොරොත්තු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අපිට සහයෝගය ලබා දුන්න, විශාල පරිත්‍යාග කළ විශේෂයෙන්ම විජිතමුණි සොයිසා මැතිතුමාටත්, පියසේන ගමගේ මැතිතුමාටත්, ෆවුසි මැතිතුමන්ටත් ඇමතිකම් ලබා දෙන්න අපි යෝජනා කරලා තියෙනවා” ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Related posts

අතුරලියේ රතන හිමිගෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක්

colombotoday

ඇමති රාජිත ඇවන් ගාඩ් එකෙන් ගත්ත මිලියන 5 ආපසු යවයි (Audio)

colombotoday

මංගලගේ බියර් සහනයේ ප්‍රතිඵල නිකුත් වේ.. මෙරට බියර් භාවිතය 12%කින් ඉහළට..

colombotoday

ඉසුරුපාය ඉදිරිපිට පොලිස් මැරයන්ට එරෙහිව විරෝධයක්

Admin

පසුගිය වසර ඇතුළත කෝටි 25,700 කින් කොළඹ කොටස් ඇද වැටිලා !

colombotoday

15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් කොටු. – තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන

colombotoday