Colombo Today Local News

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල දිගටම වසා තබයි. දෙපාර්තමේන්තුවට දිනකට රු මිලියන 17 ක ඉතිරියක්

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසා තැබීමේ තීරණය දිගටම ක‍්‍රියාත්මක කිරීමට තැපැල් දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.

සෙනසුරාදා දිනවල තැපැල් කාර්යාල වසාතැබීමෙන් දෙපාර්තමේන්තුවේ වියදම විශාල වශයෙන් අඩුවන බැවින් ඒවා වසා තැබීමට තීරණය කර ඇති බව එම දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සාමාන්‍යයෙන් එක් සෙනසුරාදා දිනක තැපැල් කාර්යාල හා උප තැපැල් කාර්යාල විවෘත කර තැබීමේ දී රුපියල් මිලියන 20 කට ආසන්න මුදලක් වැයවන අතර එවැනි දිනයක ආදායම ලැබෙන්නේ රුපියල් මිලියන 3කට ආසන්න මුදලක්  බව ද එම ආරංචි මාර්ග සදහන් කරයි.

මෙම රුපියල් මිලියන 20 න් රුපියල් මිලියන 18 ක් සෙනසුරාදා දිනය සදහා ගෙවන අමතර දිනක වැටුප සදහා ද ඉතිරි මිලියන දෙක දිනයට අදාල අතිකාල සදහා ද වැය වෙයි.

කෙසේ වෙතත් මෙම තීරණය පිළිබදව තැපැල් වෘත්තිය සමිති දැඩි විරෝධය පළ කර ඇත.

මේ  සම්බන්ධව තැපැල්පතිවරයා වෙත ලිපියක් යවමින් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණ දන්වා ඇත්තේ කොරෝනා රෝගය පැතිර ගිය සමයේ තැපැල් සේවකයින් කළ කැප කිරීම් නොසලකා හරිමින් තැපැල් සේවකයින් ඉමහත් කැප කිරීමකින් උපයාගන්නා අතිකාල දීමනාව හා සෙනසුරාදා දීමනාව කප්පාදු කිරීමට මෙම තීරණය ගෙන ඇති බවය.

මේ පිළිබ`දව වෘත්තිය සමිතිවල දැඩි විරෝධය පළ කරන බවත් වහා එම තීරණය ඉවත් කරගන්නා ලෙස ඉල්ලා සිටින බවත් එම ලිපියෙන් දන්වා ඇත.
මේ අනුව සියලූ තැපැල් සේවකයින් හෙට (7* මධ්‍යම රාත‍්‍රියේ සිට තම සාමාන්‍ය සේවාවාරය පමණක් ඉටු කරන බවත් අතිකාල කිරීමට බල නොකරන මෙන් ඉල්ලා සිටින බවත් ඔවුන් එම ලිපියේ ස`දහන් කර ඇත.

එමෙන්ම කිසිදු පුරප්පාඩුව හෝ වෙනත් අතිරේක සේවාවාරයක සේවය කිරීමට බල නොකරන මෙන් ද  එමගින් ඉල්ලා ඇත.  

මේ පිළිබදව තැපැල්පති රෝහණ ආරියරත්න මහතාගෙන් ලංකාදීපය කළ විමසුමක දී ඔහු සදහන් කළේ අද (06) වෘත්තිය සමිති සමග කරන සාකච්ඡුාවක දී තීරණයකට එළැඹීමට බලාපොරොත්තු වන බවය.

කෙසේ වෙතත් පවතින තත්ත්වය තුල අද දින තැපැල් හා උපතැපැල් කාර්යාල වසා තැබීමට ගත් තීරණය ක‍්‍රියාත්මක වන බවත් හෙතෙම කියාසිටියේය.

Related posts

තොරතුරු දැනගැනීමේ පනතින් ප්‍රබල මාධ්‍ය මර්ධනයක්.. ETCA, බැදුම්කර මගඩි හෙළිකරොත් මාධ්‍යවේදීන් හිරේ

colombotoday

එළුවන්ට රක්ෂණාවරණයක්

Admin

ඇමති රවීගේ දියණිය CIDයට

colombotoday

පැය 12ක් ප්‍රශ්න කිරීමෙන් පසු දිලුම් එළියට… ජංගම දුරකථනය TID භාරයට…

colombotoday

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

colombotoday

මව් බිමේ ස්ථාවරත්වයට කිසිවකුටත් බලපෑම් කරන්න දෙන්නේ නැහැ – ජනපති අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ

colombotoday