Colombo Today Local News

සූදු ගැසූ බදුල්ල ඩිපෝ සේවකයින් අත්අඩංගුවට

බදුල්ල ලංගම ඩිපොවේ කාර්මික අංගනයේ මුදල් ඔට්ටුවට සූදු කෙලිමින් සිටි ඩිපෝ සේවකයින් හත් දෙනෙකු රුපියල් 8900ක මුදලක් සමග ඊයේ (02) හවස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි. මොවුන් සූදු කෙලිමින් එම ස්ථානයේදීම අත්අඩංගුවට ගෙන ඇති අතර, බූරු පොලේ සංසරණය වූ මුදල් ද පොලිසිය භාරයටගෙන ඇත.

ඇතැම් ඩිපෝ සේවකයින් රාජකාරී වේලාවන් තුල බීමතින් විවිද නිතී විරෝධි ක්‍රියාවන්වල නිරත වන බවට පොලීසියට  තොරතුරු ලැබී තිබෙන අතර ඒ අනුව මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.

සැකකරුවන් අද (03) බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම නියමිතය.

Related posts

IOC ඉන්ධන මිලත් පහළට

colombotoday

වන්නි සෙන්පතිවරුන් 8 දෙනකුට යුද අපරාධ චෝදනා

colombotoday

“රටට අත නොතබනු” නුගේගොඩ බොදු සමුළුවේ විශේෂ අවස්ථා

colombotoday

BREAKING : නවතම ඇඳිරිනීති නිවේදනය

colombotoday

නියමිත බදු නොලැබේ නව බදු පැනවීමට සාකච්ඡා

Admin

පැසිපික් මුහුදු කලාපය ආසන්නයේ භූකම්පනයක්

Admin