Colombo Today Local News

සුදු වෑන් කතාව: සීඅයිඞීයෙන් පරීක්‍ෂණයක් – රාජිතගේ මාධ්‍ය හමුවේ වීඩියෝ පට උසාවියෙන් ඉල්ලයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාජිත සේනාරත්න මහතා විසින් පසුගිය 10 වැනිදා ඇන්තනි ඩග්ලස් ප‍්‍රනාන්දු හා අතුල සංජීව මදනායක නමැති පුද්ගලයන් දෙදෙනා මාධ්‍ය හමුවට කැඳවා රට තුළ සිදුවූයේ යැයි කියන මිනිමැරුම්, පැහැර ගැනීම්, අතුරුදන් කිරීම් හා සොරකම් කිරීම් සම්බන්ධයෙන් සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශ පිළිබඳ විමර්ශන සිදුකරන බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන අංශය ඊයේ (02 දා) පස්වරුවේ කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.

ඒ පිළිබඳ දැනුවත්ව සිටියදී එකී තොරතුරු ඕනෑකමින්ම දැනුම් නොදීම, සැකකරුවන්ට නවාතැන් දීම ඇතුළු ලංකා දණ්ඩ නීති සංග‍්‍රහයේ 102, 113, 119 යටතේ ගැනෙන වැරදි සිදුකර ඇති බැවින් ඒ සඳහා සිදුකරන විමර්ශන සඳහා එකී මාධ්‍ය හමුව ආවරණය කළ රූපවාහිනි මාධ්‍ය ආයතනවලින් පටිගත කළ වීඩියෝ දර්ශන ලබාගැනීමට අවශ්‍ය බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

එම කරුණු සලකා බැලූ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය පසුගිය 10 වැනිදා පැවැති එම මාධ්‍ය හමුව පටිගත කරන ලද සංස්කරණය නොකරන ලද වීඩියෝ දර්ශන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙස විiුත් මාධ්‍ය ආයතන කිහිපයකට නියෝග කළාය.

ගංගොඩවිලගේ කුමුදු ප‍්‍රදීප් සංජීව පෙරේරා නමැත්තා විසින් කරන ලද පැමිණිල්ලක් අනුව එකී විමර්ශන ආරම්භ කළ බවද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණයට වැඩිදුරටත් දැනුම් දුන්නේය.

එකී අපරාධ සඳහා භාවිතා කළේ යැයි කියන සුදු වෑන් රථයක රියැදුරකු ලෙස කටයුතු කළ පුද්ගලයකු ලෙස හඳුන්වා දෙමින් සුදු වෑන් සංස්කෘතියක් සම්බන්ධයෙන් එකී මාධ්‍ය හමුවේදී අනාවරණය කළ සිද්ධීන් රට තුළ දැඩි කතාබහට ලක්වී තිබිණි.

Related posts

ප්‍රමිතියෙන් තොර, වාර්තාවලින් ප්‍රතිෂේප කළ කිසිදු ඉන්ධන ගොඩබෑමට අවසර නැහැ – ඇමති කංචන කියයි

Admin

විශ්වවිද්‍යාලවල ලියාපදිංචිවීමට දුන් කාලය දීර්ඝ කෙරේ

colombotoday

සාම්පූර් නාවික හමුදාව සතුව තිබූ තවත් අක්කර 177ක් අද මුදාහැරේ

colombotoday

“ප්‍රභාකරන් අද හිටියානම් මේ ආණ්ඩුවේ අගමැති“ – විජයකලා ප්‍රභාකරන්ගේ ගුණ ගයයි (Video)

colombotoday

2020 වෙනකොට රාජපක්ෂලා වැලිකඩ හිරේ දානවාමයි – ඇමති රාජිත

colombotoday

උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Admin