Colombo Today Local News

සීඅයිඞීය කරන්නාගොඩගෙන් පැය 8 ක් ප‍්‍රශ්න කරයි

දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත  කරන්නාගොඩ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (11 වැනිදා) පැය අටක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබා ගත්තේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නියෝගයකට අනුව ඊයේ (11 වැනිදා) පෙරවරු 9.00 ට පමණ අද්මිරාල් කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටියේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් ඊයේ පෙරවරු 9.00 සිට පස්වරු 5.00 පමණ වනතුරු පැය 8 ක් තිස්සේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

දෙමළ ජාතිකයන් එකොළොස් දෙනකු පැහැරගෙන යෑම, අතුරුදන් කිරීම, තොරතුරු වසන් කිරීම, කුමන්ත‍්‍රණය, මිනිමැරීම ඇතුළු චෝදනා කීපයක් අද්මිරාල් කරන්නාගොඩ මහතාට එල්ල වී තිබෙන බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අද්මිරාල් කරන්නාගොඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරමින් සිටියේය.

ඒ අවස්ථාවේ කරන්නාගොඩ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය වෙත පෙත්සමක් ඉදිරිපත් කරමින් තමා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය.

අද්මිරාල් කරන්නාගොඩ මහතා ඉදිරිපත් කළ පෙත්සම සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වාලමින් නියෝගයක් නිකුත් කළ අතර ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට ප‍්‍රකාශ ලබා දෙන ලෙස උසාවිය ඒ මහතාට නියෝග කර තිබිණි.

අද්මිරාල් කරන්නාගෙඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ඊයේ පෙනී සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් එම නියෝගය අනුවය.

Related posts

කැෆේ කීර්ති ගෝඨා පරාජය කිරීමේ මෙහෙයුමක. ජනපතිට පැමිණිලි. මෛත්‍රී ගුණරත්න යලි මධ්‍යමට?

colombotoday

මාලිගාවත්තේ හැත්තෑවේ සීයා අයිස් කිලෝවක් එක්ක මාට්ටු

colombotoday

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

Admin

ඉන්දු ශ්‍රී ලංකා ගිවිසුම යටතේ ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියය ම ඉන්දියාව සතුයි

colombotoday

හකීම්, බදුර්දීන්, මුස්තාපා මරා ගනී.. කැබිනට්ටුවේ ගාලගෝට්ටියක් !

colombotoday

පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ උද්ඝෝෂණය අධිකරණයෙන් තහනම් කරයි

colombotoday