Colombo Today Local News

සිවිල් ආරක්ෂක නිලධාරියෙක් සියදිවි හානි කරගනී

අම්පාර පොලිස් වසමේ බුද්ධංගල පොලිස් මුරපොලේ රාජකාරියේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බලකා නිලධාරියෙක් සියදිවි හානි කර ගෙන තිබේ.

අද (17)දින උදෑසන 10.30ට පමණ මෙය සිදු ව ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.

තමාගේ ටී 56 ගිනි අවියෙන් හිසට වෙඩි තබා ගෙන මෙම නිලධාරියා සියදිවි නසා ගෙන තිබේ.

අම්පාර මහෙස්ත්‍රාත්වරිය විසින් සිදුකළ මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව මෘත ශරීරය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අම්පාර රෝහලට රැගෙන විත් ඇත.

අම්පාර පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday

මුඛ ආවරණය ඡන්ද ප්‍රචාරණයට යොදා ගන්න එපා

colombotoday

පොහොට්ටුවේ සහය පක්ෂයේ අපේක්ෂක ඩලස්ට

colombotoday

මහින්දට එරෙහිව රනිල් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් පූර්ණ විනිසුරු මඬුල්ලක් ඉල්ලයි

colombotoday

අර්ජුනගේ ගේ හදන්න අමාත්‍යංශයෙන් ලක්‍ෂ 39ක්

colombotoday

ඩයස්පොරා සමුළුවේ ප්‍රධාන දේශනයට අගමැති සිංගප්පූරු යයි !

colombotoday