Colombo Today Local News

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් සිල් රෙදි නඩුව සම්බන්ධයෙන්  වරදකරුවන් කරමින්  කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත්හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට මුදා හැරීමට අභියාචනාධිකරණය අද(19) නියෝග කළේය.

මෙම තීන්දුව අභියාචනාධිකරණ විනිසුරු කුමුදිනී වික්‍රමසිංහ සහ විනිසුරු දේවිකා අබේරත්න මහත්මිය විසින් ප්‍රකාශයට පත් කරන ලදී . 

2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ විදුලි සන්දේශ නියාමන කොමිසමට අයත් රුපියල් මිලියන 600 කට ආසන්න මුදලක් වැය කර දිවයින පුරා පිහිටි විහාරස්ථානවලට සිල් රෙදි බෙදා හැරීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම කොමිසමේ හිටපු සභාපති, හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ එම කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් යහපාලන රජය සමයේ මෙම නඩුව පවරා තිබුණි.

අදාළ චෝදනා වලට වැරැදිකරුවන් වූ  හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන මහත්වරුන් එම තීන්දුව අභියෝගයට ලක්කරමින් අභියාචන පෙත්සම් ගොනු කර තිබුණි.ඒ අනුව මෙම පෙත්සම් කුමුදුනි වික්‍රමසිංහ සහ දේවිකා අබේරත්න යන අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබිණි.

Related posts

“මම ජනාධිපති වුණ හැටි රහසක් නෙමෙයි.”

colombotoday

මැයි 11 කොළඹ එන අයට නව රෙගුලාසි

colombotoday

බළලෙක් නිසා ගුරුවරියකට රු. ලක්ෂ 21ක වන්දියක්..

colombotoday

2023 උසස් පෙළ කාලසටහන යාවත්කාලීන කරන්නැයි පාර්ලිමේන්තුවේදී ඉල්ලීමක්

Admin

වසර 10කදී රුපියල් කෝටි තිස්දාහක් කළු සල්ලි රටින් පන්නලා !

colombotoday

පුංචි ඡන්දය දැන්ම නොතියයි.. 2017 මුලට යයි

colombotoday