අපේ ජන බල පක්ෂයේ හිටපු මහ ලේකම් දැනට සැඟවී සිටින වේදිනිගම විමලතිස්ස හිමි පුරාවිද්‍යා සංහාරයක් සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විභාගවන නඩුවකට අත්‍යවශ්‍යව සිටින පුද්ගලයෙකු බැවින් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය සොයමින් සිටින බව වාර්තා වෙනවා.
ඒ අනුව ඒ හිමියන්ට නවාතැන් දීම හෝ සැඟවී සිටිම සඳහා උදව් ලබා දීම නීතියට පටහැනි ක්‍රියාවක් බවයි වාර්තා වන්නේ.