Colombo Today Local News

ස්නායු රෝග සඳහා මෙරට දී නිපද වු ඖෂධය වෙළෙඳපොළට

ඖෂධ නිෂ්පාදන,සැපයුම්‍ හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක ‘අලුත් රටට අලුත් බෙහෙත්’ වැඩසටහන යටතේ පළමු ඖෂධය රත්මලානේ පිහිටි රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ දී අද (16)දින නිකුත් කෙරුණි.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව (SPMC)මගින් එලෙස නිපදවනු ලැබුවේ ස්නායු රෝග සඳහා භාවිත කෙරෙන ‘ගැබාපෙන්ටින්’ නමැති ඖෂධයකි.

මෙම ඖෂධය මෙතෙක් විදෙස් රටවලින් ආනයනය කෙරුණි.

පුද්ගලික අංශය මඟින් රුපියල් මිලියන 50ක් සහ රාජ්‍ය අංශය මඟින් රුපියල් මිලියන 15ක් ලෙස වාර්ෂිකව රැපියල් මිලියන 65ක් මෙම ඖෂධය ආනයනය සඳහා වැය වී තිබේ.

ඉදිරියේ දී මෙම ඖෂධය ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින අතර රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථාව මඟින් අවශ්‍යතාවය සපුරාලීමට නියමිතය.

එම ඖෂධය වෙළෙඳපොළට නිකුත් කිරීම අද රාජ්‍ය ඖෂධ නිෂ්පාදන සංස්ථා පරිශ්‍රයේ දී ඖෂධ නිෂ්පාදනය, බෙදාහැරීම සහ නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා හා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකර තිබේ.

Related posts

හිජාස් හිස්බුල්ලාගේ සංවිධානයකට ත්‍රස්ත කටයුතුවලට අරමුදල සපයන ආයතනයකින් අරමුදල් සපයලා – CIDය අධිකරණයට දන්වයි

colombotoday

ශ්‍රී ලංකාව UNHRC 30/01 යෝජනාවෙන් ඉවත්වීමට කැබිනට් අනුමැතිය

colombotoday

මැනිං වෙළෙඳපොළ ව්‍යාපාරිකයින්ගේ මාරාන්තික උපවාසය තවදුරටත්

colombotoday

ගෝඨාගේ විරෝධතා ඉවතට – මුදල් අවභාවිතා නඩුව විභාග කරයි

colombotoday

ජනතාවට සහන දෙන්න අන්තර්වාර අයවැයෙන් රුපියල් බිලියන 200ක්

colombotoday

අගමැතිගෙන් බදුල්ල ගැන අනාවැකියක්

colombotoday