Colombo Today Local News

ස්ථාන මාරුවීම් ලැබූ සුරාබදු මානව සම්පත් කොමසාරිස් තවම කාර්යාලයේ : නව පත්වීම් ලැබූ නිලධාරියා අසරණ වෙයි

ස්ථාන මාරුවීම් ලැබී ඒ වෙනුවෙන් පත් කළ යුතු නිලධාරියා පැමිණියත් මේ දක්වා සිය කාර්යාලයෙන් ඉවත්ව නොගිය සුරාබදු කොමසාරිස්වරයෙකු සම්බන්ධයෙන් පුවතක් වාර්තා වනවා.

මානව සම්පත් හා පාලක සුරාබදු කොමසාරිස් ධුරයේ රාජකාරී සිදුකරන එම නිලධාරියාට පසුගියදා ස්ථාන මාරුවීමක් ලබාදී ඇත්තේ වහාම ක්‍රියාත්මකවන පරිදි වන අතර ඒ වෙනුවට මිනිස් බල හා රැකි රක්ෂා දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙස සේවය කළ රෝහණ සේනාරත්න පත්කොට තිබෙනවා. ඒ පසුගිය සඳුදා සිට බලපැවැත්වෙන පරිදි.

නව පත්වීම් ලැබූ නිලධාරියා සිය රැකියා ස්ථානයට වාර්තා කළත් තමන්ට අදාළ කාර්යාලයේ මේ දක්වා ස්ථාන මාරුවීම් ලැබූ නිලධාරියා රැඳී සිටීම හේතුවෙන් ඔහුට සිය රාජකාරි කටයුතු ආරම්භ කිරීමට නොහැකිව තිබෙන බවයි සුරාබදු දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

මේ වන විට ස්ථාන මරුවීම් ලබා සිටින නිලධාරියා විසින් නව පත්වීම් ලබා පැමිණ ඇති සුරාබදු කොමසාරිස්වරයාට පවසා ඇත්තේ තමන්ට යාමට ස්ථානයක් සොයා ගන්නා තෙක් නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයාගේ කාර්යාලයට යන ලෙසයි. කෙසේ වුවත් ස්ථාන මාරුවීමක් ලැබීමෙන් පසු එම මාරුවීම ලැබූ නිලධාරියාට අදාළ කාර්යාලය තුල රැඳී සිටීමේ කිසිදු අවශ්‍යතාවයක් නොමැති බව පෙන්වා දෙන සෙසු නිලධාරින් මෙය කාගේ හෝ අවශ්‍යතාවයක් මත සිදුවන ක්‍රියාවක් බවට චෝදනා නගා සිටිනවා.

Related posts

ඉන්දියානුවන්යැයි සැක අය දැක්කොත් දැනුම් දෙන්න. | කොරෝනා මරණ දත්ත ගැන සැකයි – උපුල් රෝහණ

colombotoday

බන්ධනාගාර රෝහලට ඇතුලත් කිරීමට නිලධාරීන් කල යෝජනාව ඥානසාර හිමි ප්‍රතික්ෂේප කරයි

colombotoday

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීමට දින නියම වෙයි

colombotoday

ශිෂ්‍යත්ව විභාගය ඇරඹෙයි

colombotoday

විල්පත්තුව අවසන් හුස්ම හෙළයි.. බලධාරීන් මර නින්දේ (Photo)

colombotoday

දුමින්ද නාගමුව සමග 10 දෙනෙකු අත්අඩංගුවට

colombotoday