Uncategorized

“සහරාන් හමුවීම වරදක් නොවේ, මා කටයුතු කළේ බුදුන් වහන්සේ වගෙයි” – හකීම් කියයි

ඇමති රවුෆ් හකීම් හා මරාගෙන මැරෙන බෝම්බකරු සහරාන් හෂීම් සමග සාකච්චා කරන වීඩියෝ පටය සම්බන්ධයෙන් ඇමති රවුෆ් හකීම් මහතා විසින් නිකුත් කර ඇති නිවේදනයක් මෙහි දැක්වෙයි.

මම මුස්ලිම් ජාතිකයෙකු ඉස්ලාම් භක්තිකයෙකු වන අතර, ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ නායකයා වෙමි. සහරාන් හශීම් යනු උපතින් මුස්ලිම් ජාතිකයෙකි. ඉස්ලාම් භක්තිකයෙකි. අන්තවාදින් කුමන ජාතියක කුමන ආගමක වුව සිටිය හැකි බව ලෝක සහ ලංකා ඉතිහාසය ස්මරණය කර බැලූ විට ඔබට නිතැතින්ම සිහියට නැගෙනු ඇත.

සහරාන් හශීම්ද මුස්ලිම්, ඉස්ලාම් අන්තවාදියෙකු බව ඔබට අමුතුවෙන් කිව යුතු නොවේ. මෙලොව මිනිසෙකුට උගහටම දෙය අනික් මිනිසුන් තේරුම් ගැනීමයි. මෙරට ප්‍රධාන දේශපාලන පක්ශයක නායකයෙකු ලෙස, ස්ව ජාතියේ ස්ව ආගමේ තවත් මිනිසෙකු හමුවීම වරදක් දැයි මම ඔබෙන් විමසමි.

වරද වන්නේ අප කුමන හෝ නොකල යුතු දෙයක් සාකච්චා කලේ නම් එයයි. මගේ මතකයට අනුව එදා ඔවුන් ඔවුන්ට රුචි නොවූ අයෙකුට ජාතික ලැයිස්තු මන්ත්‍රී දූරයක් ලබා නොදෙන ලෙස ඉල්වූහ. එවැනි ඉල්ලීම්, යෝජනා, චෝදනා දේශපාලනයෙහි දුලබ නැත.

තීරන ගැනීම කෙසේ වෙතත් අනුන්ට ඇහුම්කම් දීම වරදක් නොවේ.

බුදුරජානන් වහන්සේ ආලවක දමනය කලේ ඔහුගේ ගෙට ගොස් ය. අන්‍ය ආගමිකයන්, ප්‍රාදේශිය ආගමික නායකයන් සමග උන් වහන්සේ වාද, සංවාද කල බැව් සූත්‍ර පිටකයේ දීඝ නිකාය ප්‍රමුකව අනෙකුත් ත්‍රිපිටක හා පශ්චාත් ත්‍රිපිටක ග්‍රන්ථ පරිශීලනය කිරීමෙන් ඔබ උගත යුතු බව මතක් කර දෙමින්, මා ඔබට ආරාධනා කරන්නේ අංගුත්තර නිකායේ කාලාම සුත්‍රය පරිශීලනය කරන ලෙසය. ඔබ දකින දෙය ඔබ හිතන දෙය නියම සත්‍යය නොවේ.

රවුෆ් හකීම්,
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක

Related posts

බංගලාදේශ හමුදාවට අධිකරණ බලය ලබා දෙයි

Admin

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක්වූවන්ට යෝජිත ඩිජිටල් කාඩ්පත සකස් කර අවසන්

colombotoday

හෙල්මට් නැති යතුරුපැදිකරුවෙකුට දඩ කොලයක් ලියලා.. පානදුර තොටවත්තේ කලබලයක්. පොලිසිය අහසට වෙඩි තබයි…

colombotoday

Novelty purses, pocketbooks, handbags are fashion trend

colombotoday

A new boxing gym in Monroeville gives women the opportunity to train

colombotoday