Colombo Today Local News

සමෘද්ධිලාභී හැම පවුලකටම සූර්ය පැනලයක්… රු 3500ක මාසික ආදායමක් සමග ජාතියට විදුලිය

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ වේදිකාවේ ලබාදෙන සිල්ලර පොරොන්දු වෙනුවට දුප්පත්කම දුරලා රටේ ආර්ථිකය ගොඩ නංවන ප්‍රාෙයා්ගික වැඩපිළිවෙලක් ගෝඨාභය රාජපක්ෂ මහතාට ඇතැයි පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි.

රටේ බලශක්ති අර්බුධයටත්, දුප්පත්කමටත් එකලෙස විසදුම් ලැබෙන සූර්යබල ව්‍යාපෘතියක් හදුන්වා දෙන බවද එහිමියන් කියා සිටියේ ය. ඒ යටතේ සෑම සමෘද්ධිලාභී පවුලකටම සූර්ය පැනලයක් ලබා දෙන බවත්, එහි නිපදවෙන විදුලිය ජාතික විදුලිබල පද්ධතියට එකතු කරන බවත්, ඒ හරහා අඩු ආදායම්ලාභී පවුල්වලට අවම වශයෙන් මාසික රුපියල් තුන්දහස් පන්සීයක පමණ අමතර ආදායමක් ලබාගත හැකි බවත් කියා සිටියේ ය.

මෙම ව්‍යාපෘතිය හරහා බලශක්ති නිශ්පාදනය සදහා රටට දරන්නට වන අධික පිරිවැය ඉතිරි කර ගැනීමට හැකි බවද එහිමියන් පෙන්වා දුන්නේය.

Related posts

බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයේ සැකකරුවන් පොලිසිය මහජන සහය පතයි

Admin

නීතිවිරෝධීව සෞදියේ රැඳී සිටින ශ්‍රී ලාංකිකයින්ට සහනයක්

colombotoday

ජනපතිගෙන් ඉන්දීය අගමැතිට සුබ පැතුම්!

colombotoday

තවත් 21 හැවිරිදි තරුණියක් එන්නතකට බිලිවෙයි

Admin

2023 අයවැයට පාලිමේන්තුව සූදානම්

Admin

ඇමතිවරු පදින්නෙ පරණ වාහන.. දේශපාලනඥයින් ගැන ජනතාවත් සංවේදී විය යුතුයි – රාජ්‍ය ඇමති ගොඩහේවාගෙන් චෝදනාවක්

colombotoday