නව ප්රජානත්ත්රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ලෙස කටයුතු කළ සජිත් ප්‍රේමදාස මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස ඉල්ලමින් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසකගේ අත්සන් සහිත ලිපයක් කථානායක කරු ජයසූරිය මහතාට යොමුකර තිබේ.
එක්ස්ත් ජාතික පක්ෂයේ නායක, හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට විපක්ෂනායක ධුරය ලබාදෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාද අද දිනයේදී කථානායකවරයාට ලිපියක් යොමුකළේය.