Colombo Today Local News

සජිත්ගේ ප්‍රතිපත්තියේ දෙමළ පිටපතෙන් “බුද්ධාගමට ප්‍රමුඛස්ථානය” ඉවතට !

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පසුගිය බ්‍රහස්පතින්දා (31දා) මහනුවරදී එළිදැක්වූ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සිංහල පිටපතේ සඳහන් කරුණුවලට බොහෝ වෙනස් දෑ දෙමළ පිටපතේ සඳහන් කර ඇති බව වාර්තා වේ.

ජාතික ඒකීය භාවය සහ සමානාත්මතාව සඳහන් 61 වැනි පිටුවේ සිංහල පිටපතේ හා දෙමළ පිටපත අතර පැහැදිලි වෙනසක් තිබේ. එක මවකගේ දරුවෝ යන්න පමණක් සිංහල පිටපතේ සඳහන් වුවද දෙමළ පිටපතේ ඒ යටතේ ඇති කොටසට විස්තර අඩංගු කර ඇත. සියලු ආගම් එක ලෙස සලකන බව, දෙමළ භාෂාවෙන් පළකළ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දැක්වේ.

ව්‍යවස්ථාවේ බෞද්ධ ආගමට ප්‍රමුඛත්වය ලබාදෙන බව සඳහන් වුවද දෙමළ පිටපතේ එවැන්නක් නොමැති බව වාර්තා වේ.

මහරගම සංඝ සම්මේලනයේදී බෞද්ධ ආගමට මුල්තැන දෙන බවට ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පොරොන්දු වුවත් දෙමළ පිටපතේ ඒ බවක් සඳහන් කර නොමැත.

Related posts

ක්‍රිකට් අතුරු පාලක කමිටුවට අදාළ පෙත්සම් විභාගයෙන් තවත් විනිසුරුවරයෙක් ඉවත්වෙයි

Admin

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

colombotoday

මහින්ද පිළේ ප්‍රබලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්!

colombotoday

බදියුදීන් හරි, ඔහුට චෝදනා කිරීම වැරදියි – ජෝන්, කිරිඇල්ල බදියුදීන් වෙනුවෙන් හිටගනී…

colombotoday

නව ඛනිජ තෙල් මිල සංශෝධනය

Admin

සබරගමුව සරසවියේ පළමු වසර හැර සෙසු සියලු පීඨ දින නියමයක් නොමැතිව වසා දමයි..

Admin