Colombo Today Local News

ෂැංග්‍රීලා බෝම්බකරුගේ තඹ කම්හලේ 9 දෙනෙකුට ඇප ලැබෙයි.

පසුගිය අප්‍රේල් 21 වැනිදා කොළඹ ප්‍රදේශයේ සිදු කළ බෝම්බ පිපිරීම්වලට සම්බන්ධ යැයි සැකපිට අත්අඩංගුවට ගත් වැල්ලම්පිටිය තඹ කම්හලක සේවය කළ සේවකයින් 9 දෙනෙකු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය අද (06) නියෝග කළා.

සැකකරුවන්ට එරෙහිව සාක්ෂි හෝ චෝදනා ඉදිරිපත් කිරීමට, ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත හෝ වෙනත් පනතක් ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වීම හේතුවෙන් ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ නියෝග කළා.

ඒ අනුව සැකකරුවන්ට රුපියල් ලක්ෂ පහේ ශරීර ඇප දෙක බැගින් නියම කර මුදාහැරීමට අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

කෙසේවෙතත් සිද්ධියට අදාල දහවන සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත යොමු කිරීමට අවශ්‍ය බව දැනුම් දුන් අතර ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා.

කොළඹ ෂැංග්‍රිලා හෝටලය තුළ සිදු කළ මරාගෙන මැරෙන බෝම්බ පිපිරීමට සම්බන්ධ වූ ඉන්සාන් ඊබ්‍රාහිම්ට අයත් තඹ කර්මාන්ත ශාලාවේ මෙම සැකකරුවන් සේවය කර තිබෙනවා.

Related posts

ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගම ඇතුළු ආයතන කීපයක් ඈවර කිරීමට සූදානම්

Admin

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

colombotoday

ගෘහස්ථ ගෑස් සිලින්ඩර වෙළෙඳපොළට නිකුත් කිරීම නවතයි

colombotoday

බැසිල් හිටියනම් තෙල් මිල වැඩිවෙන්නෙ නෑ

colombotoday

යහපාලන නියමුවන්ට ලඟ ලඟ මරු එන්නේ ඇයි? හේතුව ජෝතිෂ්‍ය ඇසින් විජිත රෝහණ කියයි

colombotoday

රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලට

Admin