Colombo Today Local News

ශී‍්‍රලනිපයේ 15 දෙනකුට සජිත්ගෙන් නාම යෝජනා !

ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ සන්ධානයෙන් තරග කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ හිටපු මැති ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් ඇතුළු 15 දෙනකුට නාම යෝජනා ලබාදීමට විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා නිල වශයෙන් එකඟත්වය පළකර ඇතැයි ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානයේ කැඳවුම්කරු බණ්ඩාර අතුකෝරල මහතා ‘දිවයින’ට ඊයේ (28 දා* පැවසීය.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා සමග පැවැත්වූ සියලූ සාකච්ඡුා සාර්ථක බවත් පාර්ලිමේන්තු මහා මැතිවරණයේදී සජිත් පේ‍්‍රමදාස මහතා අගමැති ලෙස පත් කිරීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂය සුරැුකීමේ සංවිධානය සම්පූර්ණ සහයෝගය ලබාදෙන බවත් බණ්ඩාර මහතා සඳහන් කළේය.

දැනට මෛති‍්‍රපාල සිරිසේන මහතා සමග සිටින ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂ මන්තී‍්‍රවරුන් සහ ආසන සංවිධායකවරුන් විශාල පිරිසක් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග තමන් සමග එක්වන බවත් බණ්ඩාර මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

ගඩාෆිට කරපු දේ ජනපති මෛත්‍රීට කරනවායි කියූ රත්නප්‍රිය ත්‍රස්ත විමර්ශනයට කැදවයි…

colombotoday

අලුත්ගම ගැටුමේ වින්දිතයන්ට රජයෙන් වන්දි !

colombotoday

මහ කන්නයේ ගොවිතැන් වෙනුවෙන් ජලය නිකුත් කිරීමට සැලසුම් කෙරේ…

Admin

ධානිෂ් අලී ඇතුළු සිව්දෙනෙකු ලබන 26 තෙක් රිමාන්ඩ්

colombotoday

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

කබ්රාල්ගේ විදෙස් ගමන් තහනම දීර්ඝ කෙරේ…

colombotoday