Colombo Today Local News

ශානි අබේසේකර තවදුරටත් රිමාන්ඩ්

ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා, ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරීක්ෂකයා සහ තවත් පොලිස් නිලධාරීයෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අද (17)දින ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ ඔවුන් තිදෙනා ඔක්තොම්බර් 02 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර තිබේ.

කිහිපදෙනෙකු යොදාගනිමින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, නීතිවිරෝධී ගිනිඅවි ළඟ තබාගත් බවට සාක්ෂි නිර්මාණය කළ බවට ශානි අබේසේකර මහතාට චෝදනා එල්ල විය.

ඊට අදාළව ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් අතර ඔහු සමග එක්ව බොරු සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනාවට ඇඹිලිපිටිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරි කළ උප පොලිස් පරික්ෂකවරයා ද අත්අඩංගුවට ගැණුනි.

Related posts

රනිල්ට නොතීසි

colombotoday

ජාතික ජනතා ව්‍යාපාරයේ අපේක්ෂකයා අද කරළියට !

colombotoday

හිටපු නාවික හමුදාපතිවරු තිදෙනෙක් FCID කැඳවීමේ සූදානමක්

colombotoday

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කිංස්ලි රත්නායක ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක තනතුරට

colombotoday

මොනරාගල සෙලවෙයි

Admin

විවාහ මංගල උත්සව පැවැත්වීමට අවසර | පළාත් අතර සංචරණ සීමා තවදුරටත්

colombotoday