Colombo Today Local NewsTop Stories

ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවට ඉවන්ජලිකල් පල්ලියක් හරහා ඇමරිකානු එම්බසිය බලපෑම් කරයි…

පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත්වූ පෙත්සම් විභාග කිරීම සිදුවෙමින් පවතින අතර තුර එම ගැසට් නිවේදනය අවලංගු කරමින් තීන්දුව ප්‍රකාශයට පත් කරවා ගැනීම සඳහා ඇමරිකානු රජය මැදිහත්වී සිටින බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ශ්‍රේෂ්ඨාධිකරණයේ මහ පුටුවක් දරන විනිසුරුවරයකුගේ දියණියන් දෙදෙනා විවාහවී ඇත්තේ ඇමරිකානු නව යටත් විජිතකරණ ව්‍යාපෘති හරහා බිහිවූ ඉවැන්ජලිකල් පල්ලියක පාස්ටර්වරු දෙදෙනෙක් සමග වන අතර ඔවුන් හරහා පාර්ලිමේන්තුව විසුරවා හැරීමේ ගැසට් නිවේදනය අවලංගු කිරීමට ඇමරිකානු එම්බසිය බලපෑම් කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ.

මේ වනවිට එම කාර්යය සාර්ථක වන තත්ත්වයක් උද්ගතව ඇති බවද වාර්තා වේ.

Related posts

සාරා ජස්මින් මියගිය බව DNA හරහා තහවුරු කරයි

Admin

දිස්ත්‍රික්කවල සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද මැතිවරණ කොමිෂන් සභාව හමුවට

Admin

ධනුෂ්ක ට එරෙහි නඩු විභාගය ඇරඹෙයි

Admin

විශේෂඥ වෛද්‍ය සංගමයෙන් ලිපියක්… වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාට මැර ප්‍රහාරයක්

Admin

ආදීවාසී නායකයා ඉදිරිපත් කල රිට් පෙත්සම සලකාබැලීමට දින නියම වෙයි

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday