Colombo Today Local News

“ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම ළඟදීම ක්‍රියාත්මක කරනවා”– ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම්

ශ්‍රී ලංකාව තුළ MCC ගිවිසුම නුදුරේදීම ක්‍රියාත්මක කරන බව දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් ඇලිස් ජේ. වේල්ස් මහත්මිය සඳහන් කර ඇත.

ඇය මේ බව පවසා ඇත්තේ පසුගිය දා වොෂින්ටන් නුවරදී පැවති, ආසියානු කලාපයේ චීන ක්‍රියාකාරකම් සම්බන්ධව පැවති හමුවකදී ය.

එහිදී ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ආර්ථික පදනමක් නොමැති ව්‍යාපෘති හරහා රටවල්වල ස්වාධිපත්‍ය ගිලිහී යන බවය. එවැනි ව්‍යාපෘති හරහා ස්වාධිපත්‍ය ගිලිහීගිය රටක්වන ශ්‍රී ලංකාව තුළ නුදුරේදීම MCC ගිවිසුම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බවත් එමඟින් සිදුවන ඉඩම් ලියාපදිංචිකිරීම හරහා ආර්ථිකය පුළුල් කරන බවත් ඇය සඳහන් කර ඇත.

MCC ගිවිසුම සම්බන්ධව වත්මන් රජය බලයට පැමිණීමට පෙර මැතිවරණ වේදිකාවේ දැඩි විරෝධයක් පළකර සිටිය ද බලයට පැමිණීමෙන් පසු මෙතෙක් ප්‍රකාශයක් සිදුකර නැත.

Related posts

බස්නාහිරින් ගිය අය සති දෙකක් නිරෝධායනයට

colombotoday

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday

හිටපු ජනපති මෛත්‍රී නැවතත් ජනතා කැමැත්ත උරගා බලන්න යයි !

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකළ තවත් 180 දෙනෙකු අත්අඩංගුවේ

colombotoday

කුරාණයට අපහාස කිරීමේ චෝදනා මත ඥානසාර හිමි අලුත්කඩේ අධිකරණයට

colombotoday

නිශ්ශංක සේනාධිපති අද ජනාධිපති කොමිසම හමුවට

colombotoday