Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කොරල්පරවලින් සියයට 90ක් මියගිහින්

ශ්‍රී ලංකා මුහුදු තීරයේ කොරල්පරවලින් 90෴ක් මියගොස් ඇති අතර, ඉතිරි 10෴ක ජීවී කොරල්පර ප්‍රදේශ වහාම අභය භූමි බවට පත්කිරීමේ අවශ්‍යතාවක් උද්ගතව ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්‍ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී, ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා අවධාරණය කරයි.

ඒ මහතා පෙන්වා දෙන්නේ එම ඉතිරිව ඇති ජීවී කොරල්පර ප්‍රමාණයද මේ වනවිට දැඩි තර්ජනයකට ලක්වෙමින් පවතින බවයි.

ඒ අනුව ඒවායෙන් ඇතැම් කොරල්පර ඉතා විචිත්‍රවත්ව පෙනුණද සත්‍යය කරුණ නම්, ඒවා විරංජනය වීම හෙවත් කොරල්හි පවතින ඇල්ගී විනාශ වීම සිදුව ඇති බවත්, එය කොරල් මියයෑමේ මූලික අවස්ථාව වන බවත් හෙතෙම පෙන්වා දෙයි.

හික්කඩුව, පොල්හේන, වාකරේ, පරෙවි දූපත, කල්පිටිය බාර් පරය, ශිලාවතුර, අරිප්පු දූපත් ඇතුළු ශ්‍රී ලංකා මුහුදු තීරයේ ඇති කොරල්පර මේ වනවිටද දැඩි තර්ජනයකට පත්ව ඇති බවට සඳහන් කරන ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා, පරිසර දූෂණය හේතුවෙන් උෂ්ණත්වය ඉහළ යෑම, දෙස්විදෙස් සංචාරකයන් හේතුවෙන් සිදුවන හානි, අහිතකර ධීවර පන්න ක්‍රම යනාදී කරුණු ඒ සඳහා දැඩිව බලපා ඇතැයි පෙන්වා දෙයි.

විශේෂයෙන් පරෙවි දූපත දැඩි අවධානයකට ලක්විය යුතු ප්‍රදේශයක් බවට සඳහන් කරන ආචාර්යවරයා, අදාළ ප්‍රදේශ කඩිනමින් පරිසර සංරක්‍ෂණ කලාප බවට පත්කර සංචාරක කටයුතු මනාව පාලනය කළ යුතු බවද පවසා සිටියි.

එසේම කොරල් නැවත වගා කිරීම සිදු කරන්නේ නම්, ඒ සඳහා ක්‍ෂේත්‍රයේ මනා පළපුරුද්ද ලත්, හසල දැනුමක් ඇති ප්‍රවීණයන් විසින් නිසි විද්‍යාත්මක ක්‍රමවේද ඔස්සේ එය සිදු කළ යුතු බවත්, නොඑසේ නම්, ඉතිරිව පවතින ජීවී කොරල්පර ප්‍රමාණයටද ඉන් හානි පැමිනෙණු ඇති බවත් ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා වැඩිදුරටත් පවසයි.

Related posts

හලාවත ගැටුමට මුල් වූ ව්‍යාපාරිකයා රිමාන්ඩ්

colombotoday

චන්ද්‍රිකාගේ ‘සංහිදියා‘ කියුම් කෙරුම් ගැන කෝට්ටේ මහා සංඝ සභාවෙන් දැඩි අප්‍රසාදය !

colombotoday

අද දුම්රිය 22 ක් අවලංගුයි

colombotoday

එක්සත් ජාතීන්ගෙන් යූරියා පොහොර මෙට්‍රික් ටොන් 8360ක්

Admin

දරුණු ආර්ථික අවපාතය ගොඩ දාන්න ශ්‍රී ලංකාවේ වේගය මදි – ඉන්දිය විදේශ ඇමති

colombotoday

ජනපති පාර්ලිමේන්තුව වාර අවසාන කරයි

colombotoday