Colombo Today Local News

ශ‍්‍රී පාදයේ නම ශීව පාදම් ලෙස වෙනස් වෙයි… ප්‍රාදේශීය සභාවේ යෝජනාව සම්මතයි

මස්කෙලිය ප‍්‍රාදේශිය සභාව මගින් පසුගියදා සම්මත කර ගත් යෝජනාවක් අනුව ශ‍්‍රී පාදස්ථානයට ඇතුල්වන ස්ථානය ශිව පාදම් ලෙස වෙනස් කිරීමට තිරණය කර තිබේ.ඒ අනුව මේ වන විටත් එම ස්ථානයේ නාමපූරුවක් ඉදිකරීම ආරම්භකර ඇත.මින් පෙර මෙම ප‍්‍රදේශය අයත්ව තිබුනේ අඹගමුව ප‍්‍රාදේශිය සභා බලප‍්‍රදේශයට වන අතර,සීමා නිර්ණය කිරීමේදී මෙම ප‍්‍රදේශය මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට හිමි විය.

වසර 2000 කට වැඩි කාලයක් ලෝකවාසී බෞද්ධයන් විසින් බුදුරජාණන් වහන්සේගේ සිරිපතුලේ ස්පර්ශය ලබූ පූජනීය ස්ථානයක් වශයෙන් සැලකුනු ශ‍්‍රී පාදයෙහි ඵෙතිහාසික වටිනාකම නොසලකා මෙම නම වෙනස් කිරීම සිදුකර ඇති බව පෙනේ.

ප‍්‍රාදේශීය සභා බල සීමාවකට අයත් වුවද ජාතික හා ආගමික වශයෙන් වැදගත් බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වැනි පුදබිමක නම එසේ වෙනස් කිරීමට ප‍්‍රාදේශීය සභාවකට හැකිනම් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථවේ 9 වන වගන්තියෙන් බුදු දහමට පිරිනමා ඇති ප‍්‍රමුඛතාවයේ ඵලය කුමක්දැයි ප‍්‍රශ්ණයක් පැන නගී.

2018 වසරේ පැවති පලාත් පාලන මැතිවරණයේ දී මස්කෙලිය ප‍්‍රාදේශීය සභාවට ලංකා කම්කරු කොංග‍්‍රසයෙන් මංතී‍්‍රවරු 7 දෙනෙකුත්,එක්සත් ජාතික පක්ෂයෙන් මංතී‍්‍රවරු 7 ක් ද,පොදුජන පෙරමුණෙන් 1 මංත‍්‍රීවරයෙකු ද තේරීපත් විය.

Related posts

ඕනිම වෙලාවක එනවා – බදුර්දින්ගෙන් බැසිල්ට සහතිකයක්

colombotoday

හෙම්මාතගම දී මෝටර් රථයක් ප්‍රපාතයකට පෙරළී විදෙස් කතක් මරුට

Admin

හිට්ලර් කෙනෙක් වී මිලිටරි පාලනයකින් හෝ රට ගොඩ ගන්නැයි ත්‍රෛනිකායික නාහිමිවරු ගෝඨාභයගෙන් ඉල්ලති (Video)

colombotoday

කඩු හමුවූ එකේ පුදුමය කුමක්ද? රවූෆ් හකීම් අසයි

colombotoday

ජුබිලි කනුව හන්දියේ තිබූ ජුබිලි කනුව අතුරුදන් | 2005 දී පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැසට් කරලා.

colombotoday

යාපනයේ නිවසකට පෙට්‍රල් බෝම්බ ප්‍රහාරයක්

Admin