Colombo Today Local News

වෙසක් වෙනකල් කසිප්පු ජාවාරම්කරුවන්ට පොලිස් උපදෙස්

මෙම වෙසක් පෝය වන විට කසිප්පු උවදුර තුරන් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන තීන්දු කිරීමත් සමග එම ජාවාරමේ නිරත මහා පරිමාණ නිෂ්පාදකයින්ට තොග අලෙවි කරන්නන්ට ඇතැම් පොලිස් ස්ථානාධිපතිවරුන් උපදෙස් ලබාදී ඇත්තේ වෙසක් පෝය අවසන් වන තෙක් සිය ජාවාරම නතර කරන ලෙසටයි.

මෙතෙක් කරගෙන ආ ජාවාරම පොලිසියට හසු වූ බව හැඟවීමට නඩුවක් ගොනු කිරීමට පොලිසියට කසිප්පු නිෂ්පාදනය කරන්නන්ගේ හෝ අලෙවි කරන්නන්ගේ සහචරයෙක් ලබාදීමටද එම උපදෙස් අනුව කටයුතු කර ඇත. මේ සමගම රට පුරා කසිප්පු නිෂ්පාදනය හා වෙළෙඳාම නතර වූ බව හැඟවීමට පොලිසියේම ඇතැම් උසස් නිලධාරීන් දත්ත අනුව ජනාධිපතිවරයාට පෙන්වීමට සැලසුම් කර ඇතැයි වාර්තා වේ.

එහෙත් මෙතෙක් මහා පරිමාණයෙන් නිෂ්පාදනය කළ තිප්පොළවල් වටලා ඒ සියලුම නිෂ්පාදන ද්‍රව්‍ය, උපකරණ අධිකරණයට ඉදිරිපත් කළ ස්ථානයක් හෝ ප්‍රදේශයක් මෙතෙක් වාර්තා නොවීම මීට එකම උදාහරණයකි.

Related posts

අඩිය ගහද්දි තද වී සගයා මරා දාලා

Admin

“මංතීරුව කැඩුවේ පාර පළල් කරන්නයි.. පස්සේ සුපිරි මංතීරුවක් හදනවා” මෙගා පොලිස් අමාත්‍යාංශය

colombotoday

නොදන්වා කැපූ විදුලිය හෙට සිට කාල සටහනකට කපයි…

colombotoday

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday

සයිනොෆාම් එන්නත් තොගයෙන් මාත්‍රා 125,000 ක් දිස්ත්‍රික්ක 3ක ජනතාවට වෙන් කරයි

colombotoday

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin