Colombo Today Local News

වෙබ් මාධ්‍යවේදියාට ඇප

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යයි අත්අඩංගුව ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි වෙබ් මාධ්‍යවේදී ඩෙස්මන් චතුරංග ද අල්විස් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් මොහොමඩ් මිහාර් මහතා නියෝග කර තිබේ.

එහි අනුව සැකකරු රුපියල් 25,000 ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා සෑම සතියකම ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කළ යුතු බවට ද ඔහුට නියෝග කළේය.

පරීක්ෂණ කටයුතුවලට බාධා කිරීමෙන් වළකින ලෙසත් එසේ බාධා සිදුකරන බවට පැමිණිලි ඉදිරිපත් වුවහොත් දැනට නියම කර ඇති ඇපය අවලංගු කර රිමාන්ඩ් භාරයට පත් කරන බවද මෙහිදී මහෙස්ත්‍රාත්වරයා විසින් සැකකරුට අවවාද කර සිටියේය.

අනතුරුව පැමිණිල්ල ඔක්තෝබර් 29 වනදා කැඳවීමට නියම කළ මහෙස්ත්‍රාත්වරයා එදින පරීක්ෂණවල ප්‍රගතිය අධිකරණය වෙත වාර්තා කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

අධිකරණ කටයුතුවලට බාධා වන ආකාරය පුවතක් පළ කළේ යැයි ඉකුත් 01 වන දා අත්අඩංගුවට ගත් මෙම සැකකරු පසුව කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබුණි.

Related posts

ඉන්දියාවෙන් අමෙරිකානු ඩොලර් බිලියන දෙකක මුල්‍ය ආධාරයක්

colombotoday

ගාල්ලේ ප්‍රථම ඡන්ද ප්‍රතිඵලය ඉක්මනට දෙනවා- තේරීම්භාර නිලධාරී කියයි

colombotoday

පාස්කු කොමිසමේ වාර්තාව හැදුවේ එහි සාමාජිකයින්ද? අන්තවාදීන් ද? අක්මීමන දයාරතන හිමි ප්‍රශ්න කරති.

colombotoday

රාජිත සේනාරත්න 27 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

බාදක හමුවේ පසු නොබැස “එක රටක් එක නීතියක්” ස්ථාපිත කිරීමේ වගකීම ඉෂ්ඨ කරන්න – ගැටඹේ නා හිමියන්ගෙන් ඥානසාර හිමියන්ට ආශීර්වාද

colombotoday

රිය අනතුරකින් මීගොඩ පොලිස් ස්ථානාධිපති රෝහලේ…

Admin