Colombo Today Local News

විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද

2021 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවන වර කියවීම සහ කාරකසභා අවස්ථා පිළිබඳ විවාදය අද (12)දින පැවැත්වීමට නියමිතය.

පාර්ලිමේන්තුව අද පෙරවරු 10 ට රැස්වීමට නියමිත අතර විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ විවාදයෙන් අනතුරුව ඒ සඳහා ඡන්ද විමසීමක් ද පැවැත්වෙනු ඇති බව අමාත්‍ය උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

විසර්ජන පනත් කෙටුම්පතට අනුව ලබන වසරේ රජයේ වියදම රුපියල් බිලියන 2678ක් ලෙස ඇස්තමේන්තු කර තිබේ.

මෙම වියදම් ඇස්තමේන්තු හා ණය ගැනීමේ සීමා මෙන්ම ඒ සඳහා රජය ආදායම් ලබාගන්නා ආකාරය සවිස්තරව ඉදිරිපත් කරන අයවැය යෝජනා ලබන නොවැම්බර් 17 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

Related posts

ඡන්ද හිමියන් සදහා ඡන්ද පත්‍රිකා නොලැබුනොත් කළ යුතු දේ

colombotoday

සුදු නිළ ඇදුමට ආයුබෝවන්… පාසල් සිසුන්ට පාට පාට නිළ ඇදුම් !

colombotoday

කන්තලේදී ව්‍යාජ ඩොලර් නෝට්ටු සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

නීති විරෝධිව මුහුදු කූඩැල්ලන් ඇල්ලූ ධීවරයින් 12ක් අත්අඩංගුවේ

Admin

අන්තර්ජාලය තුල ක්‍රියාකරන අන්තවාදී බෞද්ධයන්ට දඩුවම් කරන්න – මුස්ලිම් කවුන්සිලය අගමැතිගෙන් ඉල්ලයි

colombotoday

බසයකට යට වී යතුරුපැදිකරුවෙකු මරුට

Admin