Colombo Today Local News

විශ්වාසභංගයෙන් පසු අලුත් ආණ්ඩුවක්… නව කැබිනට් මණ්ඩලය සති අන්තයේ දිවුරුම් දෙයි..!

අගමැති රනිල් වික්‍රසිංහ මහතාගේ නායකත්වයෙන් යුතු නව කැබිනට් අමාත්‍ය මණ්ඩලය එළඹෙන සති අන්තයේ දිවුරුම් දීමට නියමිතව ඇතැයි එජාප ආරංචි මාර්ග සදහන් කරයි.

අගමැතිවරයාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගෙන එන ලද විශ්වාසභංගය පරාජය කිරීමට එජාපයට හැකිවනු ඇතැයි එජාපය දැඩි විශ්වාසයකින් පසුවන අතර, අගමැතිවරයාට එරෙහිව ඡන්දය භාවිතා කරන හා එදිනට පාර්ලිමේන්තුව වර්ජනය කරන ආණ්ඩුවේ කිසිවෙකුටත් නව ආණ්ඩුවේ තනතුරු ලබා නොදීමට තීරණය කර ඇතැයිද පැවසේ.

මේ අතර විශ්වාසභංගයෙන් පසුව ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමටද එජාප පසු පෙළ මන්ත්‍රී කණ්ඩායම සැලසුම් කර ඇතැයිද පැවසේ.

කෙසේ වෙතත් අග්‍රාමාත්‍යවරයා ගේ ස්ථාවරය වී ඇත්තේ, ධුර කාලය ඉවරවන තුරු ජනාධිපතිවරයා බලයේ රැදී සිටිය යුතු බව යැයිද පැවසේ.

Related posts

ක්‍රිකට්වලට අතුරු පාලක කමිටුවක්

Admin

ත්‍රීරෝද රථ ගාස්තුත් ඉහළ

colombotoday

ධම්මික පැණියේ කාලක් 2500ට දෙන්නද මගෙන් ඇසුවා… ඒ පැණිය මිත්‍යාවක්

colombotoday

ගොවීන්ට පොහොර ගන්න වවුචර් පතක්

colombotoday

සජිත්ගේ 58න් කොටසක් ගැලවෙයි.

colombotoday

අධික වර්ෂාවත් සමඟ ප්‍රධාන ජලාශ 37ක් වාන්මට්ටමේ

Admin