Colombo Today Local News

විපක්ෂ නායකකමට නම් දෙකක් ලැබුණා – කථානායක

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ නව විපක්ෂනායක තනතුර සඳහා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නමත්, පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතාගේ නමත් යෝජනා කරමින් නම් දෙකක් ලැබුණ බව කථානායක කාර්යාලය නිවේදනය කරයි.

ඒ අනුව එක් ලිපියකින් පාර්ලි‍මේන්තු  මන්ත්‍රී රනිල් වික්‍රමසිංහ මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ  මහ ලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා යොමු කර ඇති බවත් අනෙක් ලිපියෙන් විපක්ෂ නායක ධුරය සඳහා පාර්ලි‍මේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් 40 දෙනෙක් අත්සන් කළ  ලිපියක්ද ලැබුණ බවත් කථානායක කාර්යාලය නිවේදනය කරයි.

Related posts

පුද්ගලික බස් වර්ජනයෙන් ලංගමේට සරුයි.. ඊයේ වාර්තාගත ආදායමක්

colombotoday

නව මහාධිකරණ විනිසුරුවරුන් 12කට පත්වීම්

colombotoday

පොලීසියට නව ත්‍රීරෝද රථ 2,000ක්

colombotoday

බොරැල්ලේදී තියුණු ආයුධයකින් පහරදී තරුණයෙකු ඝාතනය කෙරේ

colombotoday

නව තානාපතිවරු දහතුන් දෙනෙක් පත්කෙරේ – සංගක්කාර එංගලන්තය එපා කියයි

colombotoday

රගර් ගහන්න දීපූ මිලියන 70ක ට වෙච්ච දෙයක් නෑලු. නාමල් අධිකරණයට එයි

colombotoday