Colombo Today Local News

වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 6 දෙනෙකුට ස්ථාන මාරු

ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය හා මැතිවරණ කොමිෂන් සභාවේ එකඟතාවය මත වාහම ක්‍රියාත්මකවන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරුන් 06 දෙනෙකුට අදාල ස්ථාන මාරු සිදුකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේය.

ඒ අනුව බස්නාහිර පළාත් උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතා විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ලෙස පත් කර තිබේ.

නියෝජ්‍ය පොලිස්පති බී.ආර්.එස්.ආර් නාගහමුල්ල මහතා කොළඹ රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාවට අමතරව බස්නාහිර පළාත් උතුර දිසාව වැඩ බැලීම සඳහා පත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

නියෝජ්‍ය පොලිස්පති එම්.එන් සිසිර කුමාර මහතා මානව සම්පත් කළමනාකරණ හා ජාත්‍යන්තර සබඳතා දිසාවට අමතරව බඳවා ගැනිම් හා විභාග දිසාව භාරව ද පත්කර තිබේ.

බඳවාගැනිම් හා පුහුණු ජාතික පොලිස් අභ්‍යාස ආයතනය හා සේවස්ථ පුහුණූ දිසාවේ රාජකාරි කළ නියෝජ්‍ය පොලිස්පති යූ.පී.ඒ.ඩී.කේ.පී කරුණානායක මහතා ජාතික පොලිස් අභ්‍යාස ආයතන දිසාවට ස්ථාන මාරුකර ඇති බව සදහන්.

එමෙන්ම පොලිස් විශේෂ කාර්යය බලකායේ අණදෙන නිළධාරි ලෙස කටයුතු කළ නියෝජ්‍ය පොලිස්පති එම්.ජී.එල්ගුණතිලක මහතා ත්‍රිකුණාමලය දිසාවට ස්ථාන මාරුකර ඇත.

ත්‍රිකුණාමලය දිසාව භාරව සිටි නියෝජ්‍ය පොලිස්පති එච්.එන්.කේ.ඩි.විජය ශ්‍රී මහතා සේවස්ථ දිසාවවෙත ස්ථාන මාරු කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සදහන් කළේය.

Related posts

මිල්ලනිය හා මොරන්තුඩුව පොලිස් ස්ථාන වසයි

colombotoday

බලංගොඩ නාය යෑමෙන් අතුරුදන්වූ එකම පවුලේ සිව්දෙනා සොයා මෙහෙයුම්

Admin

“අජිත් පී. ට ඇලෝසියස්ගෙන් කෝල් එන හැටි ඇහැටම දැක්කා..” බිමල් අජිත්ගේ මූණටම කියයි (Video)

colombotoday

ඇවන්ගාඩ් මඩ ගහන්න “වම දකුණ” මාරුවූ පක්ෂ ලොක්කෙකුට මහාරාජාගෙන් කෝටි ගණනක කොන්ත්‍රාත්තුවක්!

colombotoday

සරත් විජේසූරිය මාදුලුවාවේ සෝභිත හිමිට ශාප කරයි. – ප්‍රසිද්ධි විවාදයකට කොවිවියේ  සරත් විජේසූරියට අභියෝගයක්

colombotoday

මට්ටක්කුලියෙන් බෝම්බ 21ක් සොයාගනී…

colombotoday