Colombo Today Local News

ව්‍යවස්ථාදායක සභාව මේ සති අගදී මුල් වරට රැස්වෙයි

ව්‍යවස්ථාදායක සභාව මෙම  සතිය අගදී රැස්විමට නියමිතව තිබේ.

ඒ අනුව ලබන සිකුරාදා දිනයේදී ව්‍යවස්ථාදායක සභාවේ සියළු සාමාජිකයින් මුණගැසි සාකච්ඡා කිරිමට නියමිත බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අද දෙරණ කළ විමසීමකදී සඳහන් කළේය.

කොමිෂන් සභා සඳහා කොමසාරිස්වරු පත් කිරීමට මේ වන විට අයදුම්පත් කැඳවා ඇති අතර ඒ සඳහා අයදුම්පත් සැලකිය යුතු ප්‍රමාණයක් ලැබි ඇති බව වාර්තා වේ.

ඒ අනුව ව්‍යවස්ථාදායක සභාවේ සිවිල් සාමාජිකයින් තිදෙනා විසින් මෙම අයදුම්පත් සකස් කිරීමේ කටයුතු මේ වන විට සිදු කරමින් සිටින බව සඳ‍හන්ය.

ලබන සිකුරාදා දිනයේ රැස්වන ව්‍යවස්ථාදායක සභාව සඳහා මෙම නම් ඉදිරිපත් කර ඊට අදාළ නිර්දේශ ලබා ගැනිමට නියමිතව තිබේ.

අනතුරුව අදාළ කොමිෂන් සභා සඳහා කොමසාරිස්වරු පත් කරනු ඇති බව වාර්තා වේ

Related posts

නීතිවිරෝධීව ගෙන්වූ මිලියන 300ක භාණ්ඩ සහිත බහාලුමක් රේගු භාරයට

Admin

උඩරට දුම්රිය මාර්ගයේ අවහිරතා අවසන්

Admin

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

පොලිසියට තග දැමූ මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් අත්අඩංගුවට

Admin

අධිකරණ පරිශ්‍රයේදී රිෂාඩ්ගේ නීතිඥයා නිරෝධායන නීති උල්ලංඝනය කරයි. – නීතිය ක්‍රියාත්මක නොවෙයි

colombotoday

ශ්‍රී ලංකා රුපියල පහත වැටීමෙන් වාර්තාවක්. රජය බංකොලොත් – කැපිටල් ඉකොනොමිට්ස්හි ආර්ථික විශ්ලේෂකයෙකු කියයි

colombotoday