Colombo Today Local News

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද?

හෙල බොදු සවිය සංවිධානය විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් මෙහි දැක්වෙයි.

වත්මන් ආණ්ඩුවට රට විරුවන්ට වඩා බෝරා මුස්ලිම්වරුන් වටින්නේ මුදල් නිසාද ?

පසුගිය කාලයේ සිසෙස් රාජ්‍යයෙන් පිරිසක් මෙරටට පැමිණියේය. අද වනවිට ඉන්දියන් බෝරා මුස්ලිම්වරුන් ද පිරිසක් ලංකාවට පැමිණීමට අවසර ලබා දුන් බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ ජනමාධ්‍යට පවසා ඇත. එසේ පැමිණි පිරිසට විශේෂ අමුත්තන් සදහා ලබාදෙන පිළිගැනිම ලබාදිමට ආණ්ඩුව බලාපොරොත්තු වෙයි.

වත්මන් ආණ්ඩුව දේශියත්වයට ප්‍රමුඛස්ථානය ලබා දෙන බව පවසමින්, සිංහල බෞද්ධකම වඩාත් උද්ධීපනය කළ දේශපාලන ව්‍යාපාරයකි. එවැනි ආණ්ඩුවකින් බලාපොරොත්තු විය නොහැකි දේ දැන් සිදු වෙමින් ඇත. ලෝකයට ප්‍රශ්නයක්ව පවතින කොරෝනා වෛරසය පාලනය කිරීමට යැයි කියා ශ්‍රි ලාංකිය විදේශිය ජනතාවට ලංකාවට ඇතුල් වීමට අවසර ලබාදිම සීමා කර ඇත. පසුගිය කාලයේ සීසර් රාජ්‍ය වැසියන් ද, එලබෙන 21 වන දින දැනට ඉන්දියාවේ සිටින බෝරා මුස්ලිම් ජාතිකයන් ද ලංකාවට පැමිණීමට විශේෂ අවසරයක් ලබා දී ඇත්තේ මුදල් ලබා ගැනීමේ පරමාර්ථයෙන්ද ?

ඒ අතරතුර දැනට විදේශගත ජිවත් වන අප රටවිරුවන් විශාල පිරිසක් ලංකාවට පැමිණීමට අවසර ඉල්ලා ඇත. ඒ අතර ගර්භණි මව්වරුන් ද සිටියි. එම මව්වරුන් සමාජ මාධ්‍ය ඉදිරියට පැමිණ තම දුක නිරන්තරයෙන් කියනු ඇසේ. මැදපෙරදිග ඇතුළු රටවල් බොහොමයක ජීවත් වන ලාංකීය ජනතාව තම වියදමෙන් ගුවන් බලපත්‍ර ලබා ගන්නා බවත් නිරෝධායනයට යොමුවන බව රජයට දැනුම් දී ඇත.

අද වන විට ලංකාවේ කොරොනා රෝගීන් විශාල වශයෙන් සුවවීම ද නිරෝධාන මධ්‍යස්ථානවල සිටින පිරිස් නිවෙස්වලට ගොස් ඇති බව ආණ්ඩුවේ ජනමාධ්‍ය මගින් නිරත්තරයෙන් කියා සිටි. මේ වනවිට මහමැතිවරණය පැවැත්වීමට අවශ්‍ය පසුබිම කඩිනමින් සකස් කරමින් ඇත. ඒ වත්මන් ආණ්ඩුවේ ජනමතය ඉතා ශීඝ්‍රයෙන් දුර්වල වන නිසාද? එවැනි අවස්ථාවක බෝරා මුස්ලිම්වරුන්ට හා සීසේස් රාජ්‍ය වැසියන්ට ලබා දුන් ප්‍රමුඛතාවය දැනට විදේශ ගතව සිටින රටවිරුවන්ට ලබා දෙන ලෙසත්, ඔවුන් ශ්‍රි ලංකා ආර්ථිකයට වැඩිම විදේශ විනිමය ලබා දෙන පිරිසක් බව ආණ්ඩුව තේරුම්ගත යුතුව ඇත.

එබැවින් ඔවුන් අවතක්සේරුවට පත් නොකල යුතු අතර ගරු ජනාධිපතිතුමා ඇතුඵ වත්මන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින්නේ රටවිරුවන් ශ්‍රි ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය පසුබිම ඉතා කඩිනමින් ඉටු කරන ලෙසය

Related posts

රනිල්ට එරෙහි වූ වරදට ශ්‍රීලනිප දහසයකට එජාපයෙන් විශ්වාසභංග

colombotoday

ආයුධයක් අතින් ගත් මිනිසෙක් කොටකෙතන යළිත් භීතියට පත් කරයි – Video

colombotoday

රුපියල් ලක්ෂ 48ක බිල නොගෙවූ මහනුවර පිළිකා රෝහලේ ලයිට් කපලා – ප්‍රතිකාර නවතී

Admin

පළුගස්වැව සැකකටයුතු මරණයක්

Admin

අනුර සති දෙකට බිලියන 347ක ණය අරන්

Admin

උද්ඝෝෂණ කරන්න කොළඹින් තැන් දෙකක් වෙන් කරයි

colombotoday